යාපනයේ රතුලූනු වගා කෘමියකු නිසා විනාශයි – කිසිම පළිබෝධ නාශකයකට මට්ටු නොවේ

121

යාපනයේ පළාත් කීපයක රතුලූනු වගාවට හානි කරන කෘමියකු නිසා මේ වන විට යාපනයේ ප්‍රදේශ කීපයක රතුලූනු වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත.

යාපනයේ චුන්නාගම්, තෙල්ලිපලෙයි, මාදගල්, සංගානයි, අච්චුවේලි, කෝපායි සහ වඩමරච්චි යන පළාත්වල මෙම කෘමියා බහුලව ගැවසීම නිසා එම පළාත්වල රතුලූනු වගාවෙන් කිසිදු ආදායමක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි එම පළාත්වල රතුලූනු ගොවීහු ප්‍රකාශ කරති.

මෙම කෘමියා විසින් මුළු රතුලූනු වගාවේම කොළ කා දමන අතර ශාකයේ යුෂ උරා බීම ද සිදු කරනු ලබයි.

පසුගිය කාලවලදී ද යාපනයේ රතුලූනු වගාවට මෙම කෘමියා හානි සිදු කළ නමුත් පළිබෝධ නාශකවලට කෘමියා මර්දනය කර ගැනීමට ගොවීන්ට හැකි වී තිබේ. නමුත් මෙවර කිසිදු පළිබෝධ නාශකයකට එම කෘමියා විනාශ නොවන බව පැවසූ යාපනයේ රතුලූනු ගොවියෝ කෘෂිකර්ම නිලධාරීන් එම කෘමියා ශාක පත්‍ර කා දමන ඩිප්ටෙරා (Deptara) කුලයට අයත් කෘමියකු බවට නම් කළ නමුත් එම කෘමියා විනාශ කිරීමට නොහැකි වීම බරපතළ ගැටලුවක් බව කියා සිටියහ.

එම කෘමියාගේ විද්‍යාත්කම නාමය වන්නේ (Phytomyza gymnostoma) බවට ද යාපනයේ රතුලූනු ගොවීන් දැනුවත්ව ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment