පකිස්තානයේ නව අගමැති ෂෙහ්බාස් ෂරීෆ්?

416

පාකිස්තාන නව අගමැතිවරයා ලෙස විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් පත්වීමට නියමිත බව එරට මාධ්‍ය කියයි.

 අගමැති ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් පරාජය වූ පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් කියා සිටියේ පාකිස්තානය සහ එහි පාර්ලිමේන්තුව ‘‘අවසානයේ බරපත අර්බුදයකින් නිදහස් වූ” බවයි. ෂරීෆ් තවදුරටත් මෙසේ පැවසීය: ‘‘නව උදාවකට පාකිස්තාන ජාතියට සුබ පැතුම්.”

 මේ අතර විපක්ෂ ආණ්ඩුවක් තමන් පිළිනොගන්නා බව ඉම්රාන් ඛාන් පවසා තිබේ. රුසියාවට සහ චීනයට එරෙහි ප‍්‍රශ්නවලදී වොෂින්ටනය සමඟ පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව ඉවත් කිරීමට එක්සත් ජනපදය ප‍්‍රමුඛ කුමන්ත‍්‍රණයක් ඇති බව – සාක්ෂි නොමැතිව – ප‍්‍රකාශ කරමින් ඔහු කියා සිටියේය.

 පාකිස්තානයේ විරුද්ධ පක්ෂ, විදේශ බලවතුන් සමඟ කටයුතු කරන බව ඔහු පුන පුනා කියා ඇත.

 විශ්වාසභංගයේ ඡුන්දය ආරම්භ වීමට මිනිත්තු කිහිපයකට පෙර, ඛාන්ගේ හිතවතෙකු වන පාකිස්තානයේ පහළ මන්ත‍්‍රී මණ්ඩලයේ කථානායකවරයා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය. ඛාන්ගේ පක්ෂයේ (ඡුඔෂ* සාමාජිකයන් ඔහු ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක ගොදුරක් බව අවධාරණය කරමින් ගොඩනැගිල්ලෙන් පිටව ගියහ.

advertistmentadvertistment
advertistmentadvertistment