මාධ්‍යවේදී ධම්මික සමුගනී

426

නවලිය කර්තෘ මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි ධම්මික හේවාවසම් මහතා ඊයේ (24 වැනිදා) හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා උපාලි පුවත්පත් ආයතනයට සෝදුපත් කියවන්නෙකු ලෙස එක් වී පසුව නවලිය පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියකු ලෙස හා දිවයින ඉරිදා සංග්‍රහයේ මීවිත කලා අතිරේකයේ ලිපි සපයන්නකු ලෙස ද කටයුතු කළේය.

මියගිය ධම්මික හේවාවසම් මහතාට ශ්‍යාමලී රේණුකා (අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සේවයේ නියුතු), ගයා කුමුදුනී සහ පද්මිණී චන්ද්‍රකාන්ති යන සහෝදරියන් තිදෙනකු වන අතර මව නන්දා කාරියවසම් වේ. ධම්මික මහතාගේ පියා ආතර් හේවාවසම් ගමගේ වන අතර ඔහු මේ වන විට ජීවතුන් අතර නොමැත.

මියයන විට පනස්පස් වැනි වියේ පසු වූ ධම්මික මහතාගේ දේහය කොස්වත්ත මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (26දා) සවස 3.00ට තලාහේන ආදාහනාගාරයේදී සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment