කොටකෑලි ඇඳුම් ඇඳ හොඳහැටි රත්වී පානදුර හෝටලයක් අසල පිස්සු නැටූ තරුණ පිරිසක් අත්අඩංගුවට

1114
Dance the night away party time style! Techno, rap, rnb, or hip hop, the party time series has got you covered :-)

පිරිස අතර බාලවයස්කාර ගැහැණු ළමුන් දෙදෙනෙක් සහ පිරිමි ළමයෙකුත් ඉඳලා

ශීලාචාර සම්පන්න නොවන ඇදුම්වලින් සැරසී පානදුර සංචාරක හෝටලයක් අසල මත්පැන් පානය කර අශෝභන අන්දමින් හැසිරුන බාලවස්කාර ගැහැනු ළමුන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු පෙරේදා 20දා පස්වරුවේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ඇතුළු පොලිස් වසම් කිහිපයක පදිංචි තරුණ පිරිසක් බව පොලිසිය කීය.

අත්අඩංගුවට පත්වූවන් අතර බාල වයස්කාර ගැහැණු ළමුන් දෙදෙනෙකු පිරිමි ළමයෙකු තරුණියක සහ තරුණයින් දෙදෙනෙකු වන බව පොලිසිය කීය.

සංචාරක හෝටලයක් අසල මත්පැන් පානය කර තරුණ ළමුන් පිරිසක් අශෝභන ලෙස ගැවසෙන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද දුරකථන ඇමතුම් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ පානදුර අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර ඇතුළු නිලධාරීන් ස්ථානයට ළගාවීමේදී පිරිස මෝටර් රථයක නැගී පිටව යාමට සූදානම් වූ බව පොලිසිය කීය.

ඔවුන් සියලු‍ දෙනා මත්පැන් පානය කර සිටී බවට සැලවීම නිසා රියැදුරු තරුණයා ඇතුළුව හයදෙනාම පොලිසියට රැගෙන ආ බවත් ගැහැනු ළමුන් තිදෙනා ශීලාචාර සම්පන්න නොවන ඇඳුම් ඇද සිටි බවත් පොලිසිය කීය

සැකකරුවන් කළුතර සහ ඒ අවට පදිංචි අයවලු‍න් බවත් කළුතර සිට පානදුර වෙරළට ආවේ මැන්දැයි විමසීමේදී කළුතර ප්‍රදේශයේ මේ දිනවල පොලිස් වැටලීම් සිදුවන බැවින් පානදුරට පැමිණි බවට ප්‍රකාශ කර ඇති බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

ළමුන්ට අවවාද කර දෙමව්පියන් ගෙන්වා භාරදුන් බවත් බීමත්ව රිය පැදවූ තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධ්කාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ඨාස රථවාහන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පෙරේරා සැරයන් නාරංගොඩ 36600 ඇතුළු නිලධාරීහු පිරිසක් වැටලීමට එක්වූහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment