බි්‍රතාන්‍ය පුරවැසි කතක් නූතන පරපුර වනසන්න කංසා ව්‍යාප්ත කරන්න හදනවා

578

– පාහියංගල ආනන්ද සාගර හිමි

බි්‍රතාන්‍ය පුරවැසිභාවය ඇති කාන්තාවක් මෙරට සංස්කෘතියට නොගැලපෙන ලෙස ක්‍රියාකරමින් නූතන පරපුර වැනසීම සඳහා කංසා (ගංජා) වගාව ප්‍රචලිත කිරීමේ දැඩි උත්සාහයක නිරතව සිටින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති, පාහියංගල, ආනන්ද සාගර හිමියෝ ‘දිවයින’ට ඊයේ (28දා) ප්‍රකාශ කළහ.

ඇමෙරිකාව, ඔස්ටේ්‍රලියාව සහ කැනඩාව වැනි රටවල් රැසක් කංසා වගාව නීතිගත කර පවත්වාගෙන යනු ලබන්නේ නිෂ්පාදන ආයතන වෙනුවෙන් වුවත් මෙරට කිසිදු ආයතනයක් මේ මොහොත වන තුරු එයට ඉදිරිපත්ව නැතැයිද උන්වහන්සේ සඳහන් කළහ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පාහියංගල ආනන්ද සාගර හිමියෝ මෙසේද පැවැසූහ.

“මේ කාන්තාවගේ අරමුණ වී තිබෙන්නේ කංසා, මත් ද්‍රව්‍යයක් ලෙස මෙරට ප්‍රචලිත කිරීම. ලොව පුරා බිලියන ගණනින් වැයකරනු ලබන මේ තරගකාරී නිෂ්පාදන වෙනුවෙන් විශේෂ වියදමක් දරන්න අපේ රටට හැකියාවක් නෑ. ගංජා මල් විතරක් යවන්නත් බෑ. එය නීති විරෝධියි. අපේ සංස්කෘතියට නොගැලපෙන මේ අරුමය, කරුමයක් විතරමයි.

මේ කාන්තාවගේ දැඩි වුවමනාවට කංසා මෙරට තුළ ව්‍යාප්ත කළොත් ගෙවල්වල මල් පෝච්චි තුළත් කංසා වවාගෙන පාවිච්චි කිරීමට ජනතාව පෙළඹෙයි. මනෝපකාර තරුණ පරපුරක් හැදෙයි. අද මේ රටේ මනෝ වෛiවරු කියනවා ඔවුන් ළඟට පැමිණෙන බොහෝමයක් ස්නායු දුර්වලවූ පිරිස කියලා. හේතුව ගංජා. මේවා පාවිච්චියට ගැනීමෙන් උත්තේජනය අඩුවී පීඩනය වැඩිවෙනවා. අපිට ඉතිරි වෙන්නේ මනෝ විකාර වූ නූතන පරපුරක්.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment