ලක්මාල්ට සමුදෙන්න ශ‍්‍රී ලංකාව අද ඉන්දියාව සමග චින්නසාමි පිටියට  

296

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 69කට ක‍්‍රීඩා කර ඇති දකුණත් වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් සහභාගි වන අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය ඉන්දියාව සමගින් බැංගලෝර්හි චින්නසාමි ක‍්‍රීඩාංගණයේදී දිවා රාත‍්‍රී තරගයක් ලෙසින් අද (12 වෙනිදා ) ආරම්භ වීමට නියමිතය.

එම ටෙස්ට් තරග 69න් තරග 5කට නායකත්වය ලබාදී ඇති සුරංග ලක්මාල් එහිදී තරග තුනක් ජයග‍්‍රහණය කිරීමට සමත් වී ඇති අතර ඔහු ශ‍්‍රී ලංකාව වෙනුවෙන් දවා ගෙන ඇති ටෙස්ට් කඩුලූ සංඛ්‍යාව 170කි. මෙම තරගයෙන් පසු සුරංග ලක්මාල්ට ඩර්බිෂයර් ප‍්‍රාන්තය වෙනුවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට නියමිතය.

අද තරගයෙන් පසු ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා සහෝදර ක‍්‍රීඩක සුරංග ලක්මාල්ට ජයග‍්‍රාහී සමුගැනීමක් ලබාදීම

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ අභිප‍්‍රාය වුවද දැනටමත් ඊට බාධක කිහිපයක් හරස් වී ඇත.

ඉන්දියාව සමග පළමු ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයන් දෙදෙනකු ආබාධයට ලක් වීමත් දකුණත් වේග පන්දු යවන ක‍්‍රීඩක දුෂ්මන්ත චමීරට ලබන නොවැම්බර් මස වන තෙක් ටෙස්ට් ක‍්‍රිකට් තරග ක‍්‍රීඩා නොකරන ලෙස වෛද්‍ය ඒකකයෙන් දැනුම්දීමත් මත ශ‍්‍රී ලංකා නායකයා මෙම තරගයට පිවිසෙන්නේ ප‍්‍රශ්න ගොඩකට මැදිවය.

සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (11 වෙනිදා* පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප‍්‍රකාශ කළේ සංචිතයේ සිටින වේග පන්දු යවන්නන් හතර

දෙනාගෙන් දෙදෙනකු ආබාධයට ලක්වූ විට නායකයකු ලෙස තමාට සැලසුම් සකස් කර ගැනීමට පවා අපහසු බවත් දින පහක ටෙස්ට් තරගයක් යනු පන්දුවාර විස්සයි විස්ස හෝ එක්දින තරගයකට වඩා වෙනස් බවත්ය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment