අන්තිම කුණු ටිකත් පටවයි

288

ඉමහත් ආන්දෝලනයට ලක් වූ බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ඒවා තිබුණ අපද්‍රව්‍ය අඩංගු බහාලුම් 242 ක් අතුරින් අවසාන බහාලුම් 45 අද (21) බ්‍රිතාන්‍ය වෙත ප්‍රතිඅපනයනය කෙරිණි.

කොළඹ වාරයේ පිහිටි අයිසඅයිටී අංගනයේ වෙත ඊයේ (20) පැමිණි එවර් ගිනියුස් නෞකාව මගින් මෙම බහාලුම් ඊයේඋදෑසන නැවතත් බ්‍රිතාන්‍යය වෙත නැවුගත කරනු ලැබිණි.

මෙම නෞකාව ඊයේ රාත්‍රි 08 ට පමණ කොළඹ වරායෙන් පිටත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

2019 වසරේ ශ්‍රී ලංකා රේගුවේ සමාජ ආරක්ෂණ අංශයේ නිලධාරීන් විසින් ආරම්භ කළ විමර්ශනයක දී බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ආනයනය කරන ලද සායනික අපද්‍රව්‍යල පාවිච්චි කරන ලද කුෂන් සහ මෙට්ටල ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ වර්ගීකරණය නොකල හා අන්තරායක අපද්‍රව්‍ය අඩංගු අඩි හතළිහේ බහාලුම් දෙසිය හතළිස් දෙකක් සොයා ගනු ලැබිණි.
ඉන් බහාලුම් 112 ක් කොළඹ වාරයේ තැන්පත් කර තිබුණ අතර ඉතිරි බහාලුම් 130 ඒ වන විටත් වරායෙන් නිෂ්කාශනය කර කටුනායක පිහිටි ආයෝජන මණ්ඩලයයටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික ආයතනයක පරිශ්‍රයේ තැන්පත් කර ඇති බව අනාවරණය විණි.

advertistmentadvertistment
advertistmentadvertistment