පානීය ජල බෝතල් උපරිම මිල ඉවතට

262

දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.ඒ අනුව දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් 2018 වසරේ සැප්තැම්බර් මස 28 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment