ඇමරිකාවේ කුණාටුවලින් නිවෙස් හත් ලක්ෂයක් අඳුරේ

363

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර දිගින් පිහිටි ප්‍රාන්ත ගණනාවක් හරහා පෙරේදා (07දා) දිනයේ හමා ගොස් ඇති දරුණු කුණාටු හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් නිවාස හත් ලක්ෂයක පමණ විදුලිය විසන්ධි වී ගොස් තිබේ. ඇලබාමා සිට නිව්යෝක් දක්වා වෙරළබඩ ප්‍රාන්ත ගණනාවක් හරහා හමා ගොස් ඇති මෙම කුණාටු හේතුවෙන් වැසියන් මිලියන ගණනකට පවතින දරුණු කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කාලගුණ අංශ විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

පැයකට සැතපුම් 80ක වේගයකින් හමා යන සුළං සහිත කුණාටු ඉදිරියේදී ඇති විය හැකි බව ඇමරිකාවේ ජාතික කාලගුණ සේවාව විසින් මහජනතාවට අනතුරු අඟවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment