රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවක් අවලංගු කළ හිජාබය

770

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි විසින් සීඑන්එන් නාලිකාව සමග පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ සාකච්ඡාවක් එම නාලිකාවේ මාධ්‍යවේදිනිය හිජාබය පැළඳීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අවලංගු කර ඇත.

 සීඑන්එන් නාලිකාවේ මාධ්‍යවේදිනියක් වන ඉරාන සම්භවයක් ඇති ක්‍රිස්ටියන් අමන්පූර් සහ ඉරාන ජනපති අතර නිව්යෝර්ක් නගරයේ දී එම සම්මුඛ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණි. අමන්පූර් පවසන්නේ, මීට පෙර ඉරානයෙන් පිටත දී සිදු කළ කිසිදු සාකච්ඡාවක දී ජනාධිපතිවරයකු ඇයගෙන් මෙවන් ඉල්ලීමක් සිදු කර නොමැති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment