සහතික නැත..ඒත් හැකියාව ඇත

355

හැමිල්ටන් නාකි උපත ලැබුවේ 1926 වසරේ ජුනි 26 වැනි දින දකුණු අපි‍්‍රකාවේ නැගෙණහිර කේප් පළාතේ සෙන්ටානි හි පිහිටි ‘‘එන්ග්සංවාන්’’ ගම්මානයේ ය. ඔහු උපන්නේ ඉතා දරිද්‍රතාවයෙන් යුත් පවුලකයි. වයස අවුරුදු 14 ක් වෙන විට හැමිල්ටන් හයවන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා තිබුණ අතර ඔහු 1948 වසරේදී කේප්ටවුන් විශ්වවිද්‍යාලයේ උද්‍යාන පාලකයකු ලෙසින් සේවයට සම්බන්ධ වූයේය.

  • උද්‍යාන පාලනයේ සිට රසායනාගාර සහායට

උද්‍යානයේ සේවයේ යෙදෙන හැමිල්ටන්ගෙන් මෙම විශ්වවිද්‍යාලයේ පශු ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ‘‘රොබට් හොට්ස්’’ හැමිල්ටන්ට අලූත් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. රසායනාගරයේ සතුන් පිළිබඳ කටයුතු වෙනුවෙන් සහය වෙන ලෙසින් වූ වෛද්‍ය රොබට්ගේ ඉල්ලීම හැමිල්ටන් එකහෙළාම පිළිගත්තේය.

  • කූඩු පිරිසිදු කිරීමේ සිට නිර්වින්දනය දක්වා

කෙසේ හෝ වේවා රසායනාගාර සතුන් හැසිරවීම ගැන කිසිදු පළපුරුද්දක් නොමැති හැමිල්ටන් වෙත මුලින්ම පැවරුන රාජකාරිය වූයේ සතුන්ගේ කූඩු පිරිසිදු කිරීමයි. එතැනින් මුල පුරන ලද හැමිල්ටන්ගේ සේවාව සතුන් නිර්වින්දනය කිරීමේ කටයුතු දක්වා වූ පරාසයක් වෙත යොමු විය. සුනඛයන් නිර්වින්දය කිරීම, ජිරාෆ් සතුන් හැසිරවීම හැමිල්ටන් වෙත පැවරූ රාජකාරි විය. මුලින්ම හැමිල්ටන් සම්බන්ධ වූයේ සැත්කමක් සිදු කරන ජිරාෆ් සතෙකුගේ හිස අල්ලාගෙන සිටීමයි.

  • කැපවීම හා දක්ෂතාවය

මෙම කටයුතුවලදී හැමිල්ටන් ඒ වෙනුවෙන්ම කැපවී කටයුතු කරන ලදී. ඔහු තම රැකියාවට බෙහෙවින් ආදරය කළේය. කැපවීම නිසාම ඔහු වෙතින් රසායනාගාර කටයුතු මුල් කර ගත් හැකියාව ප‍්‍රදර්ශනය විය. වෛද්‍ය හොබර්ස් මෙම විශ්වවිද්‍යාලයෙන් විශ‍්‍රාම ලැබීමත් සමග ඔහුගේ රැකියා ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් ආරම්භ විය.

  • දැවැන්ත පුරුකක් සමග සම්බන්ධ වීම

කි‍්‍රස්ටින් බර්නාඞ් යනු විවෘත හදවත් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියාය. කි‍්‍රස්ටින් බර්නාඞ් වෛද්‍යවරයා විසින් මෙම වෛද්‍ය තාක්ෂණය දකුණු අපි‍්‍රකාවට හඳුන්වා දීම මේ යුගයේදී සිදු විය. අද මෙන් වෛද්‍ය තාක්ෂණයේ දියුණුවක් නොවූ මෙම යුගයේදී කි‍්‍රස්ටින් බර්නාඞ් වෛද්‍යවරයාට සහය වෙනුවෙන් හැමිල්ටන් එක් වූයේය. මේ අවධිය වෙන විටත් හැමිල්ටන් සම්බන්ධව සිටියේ සතුන් නිර්වින්දනය සඳහා පමණි. නමුත් හැමිල්ටන් සතුන් නිර්වින්දය කිරීමේදී දක්වන ඉවසීම, හැකියාව දුටු වෛද්‍ය බර්නාඞ් විසින් හැමිල්ටන් තමාගේ රසායනාගාරයේ ප‍්‍රධාන සහායකයා ලෙසින් පත් කරන ලදී.

  • ඔහු එක තැනකම රැඳුණේ නැත

අත්දැකීම් පාදක කර ගෙන තමාගේ දැනුම සහතික මත නොව ප‍්‍රායෝගිකව වැඩිදියුණු කර ගත් ඔහු 1968 වසරේදී කි‍්‍රස්ටින් බර්නාඞ් වෛද්‍ය කණ්ඩායමෙන් ඉවත් වී ‘‘පිග්මිබැක්’’ හෙවත් විෂම ජාතීය හෘද බද්ධ කිරීමේ තාක්ෂණය සංවර්ධනය වෙනුවෙන් උදව් විය. 1970 වසරේදී වෛද්‍ය කි‍්‍රස්ටින් සමග නැවතත් ඔහු සම්බන්ධ විය. හැමිල්ටන් අක්මාවන් බද්ධ කිරීමේ කටයුතු වෙනුවෙන්ද සම්බන්ධ විය. ඔහුගේ හැකියාවන් ගැන වෛද්‍යවරුන් කතා කරන්නේ දැඩි ප‍්‍රසාදයෙන්ය. මේ ගැන අදහස් දක්වන වෛද්‍ය කි‍්‍රස්ටින් බර්නාඞ් කියන්නේ ‘‘ සත්ව අක්මාව බද්ධ කිරීම හදවතක් බද්ධ කිරීමට වඩා අසීරුයි. එහෙත් මේ කාර්යට සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරුන් මා සමග කියන්නේ හැමිල්ටන් බද්ධ කිරීමේ විවිධ අංශයන්හි දක්වන හැකියාව සහ උදව් නිසා සත්ව අක්මාව බද්ධ කිරීම මෙම ශල්‍ය වෛද්‍යවරුන්ට එතරම් ගැටලූවක් නොවුණ බවයි. ඇත්තෙන්ම හැමිල්ටන් මටත් වඩා හොඳ වෛද්‍යවරයෙක්… කි‍්‍රස්ටින් බර්නාඞ් හැමිල්ටන් ගැන එසේ සඳහන් කරයි.

  • සහතික නැති කථිකාචාර්යවරයෙක්..

රෝස්මරි හික්මන් යනුවෙන් හැඳින්වෙන ඇය අවයව බද්ධ කිරීම පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන්ගේ කණ්ඩායමේ මෙන්ම රසායනාගාරයේ සම්බන්ධව කටයුතු කරන ලද වෛද්‍යවරියකි. මෙම වෛද්‍යවරිය හැමිල්ටන් සමග වසර තිහකට අධික කාලයක් කටයුතු කළ හෙයින් ඔහු ගැන හොඳාකාර වැටහීමක් ලබා සිටියාය.

‘‘ඇත්තටම හැමිල්ටන් අධ්‍යාපනය ලබා තිබුණේ බොහොම සීමිතවයි. ඒ අතරින් සම්ප‍්‍රදායික අධ්‍යාපනය ගැන දැනුවත් බවක් ලබා සිටියා. මේ සියල්ලටම වඩා පුදුමය වන්නේ කායව්‍යුහ විද්‍යාව ගැන හැමිල්ටන්ගේ දැනුමයි. ඔහුගේ කුසලතාවය හරිම අපුරුයි. වැඩි පරාසයක විහිදී තිබුණා. ඔහු නිතරම පරිත්‍යාගශීලියි. රෝගීන් හෝ සතුන් සූදානම් කරද්දී තවත් අය ඒ කටයුත්ත කරන තෙක් ඔහු බලා සිටින්නේ නැහැ. තමන්ගේ කාර්යය මත මිස අනුන් මත යැපීමට හැමිල්ටන් සූදානම් නැහැ. ඔහුගේ චරිතයේ සුවිශේෂී ලක්ෂණය එයයි.’’

‘‘ෆුට් ෂුවර් ’’ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ ප‍්‍රධානී ‘‘ඩෙල් කාන්’’ සඳහන් කරන්නේ ‘‘එක්සත් ජනපදයේ ඌරෙකුගේ අක්මා බද්ධයට තිදෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සම්බන්ධ වුණත් මේ කටයුතු සියල්ලම හැමිල්ටන් තනියම කරනවා.’’

  • අධ්‍යාපන සහතික මත යැපෙන්න බැහැ…

කේප්ටවුන් විශ්වවිද්‍යාලයේ අක්මා පර්යේෂණ මධ්‍යස්ථානයේ ප‍්‍රධානී ‘‘රැල්ෆ් කි‍්‍රෂ්’’ සඳහන් කරන්නේ කිසිම අධ්‍යාපනයක් නොමැති මිනිසෙකු ලෙස ඔහු ඉහළම මට්ටමේ ශල්‍යකර්ම ප‍්‍රගුණ කරමින් ඒ ගැන තරුණ වෛද්‍යවරුන්ට දැනුම ලබා දෙන ලදී.

ඔහු තමාගේ සේවා කාලයේදී බොහෝ සිසුන්ට උගන්වන ලදී. ඔහු විසින් උගන්වන ලද සිසුන් සංඛ්‍යාව දහස් ගණනක් විය.

පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment