රමීස් රාජා පාකිස්තාන කි‍්‍රකට් මුල් පුටුවට

173

පාකිස්තාන කි‍්‍රකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රමීස් රාජා තේරී පත්වී තිබේ. රමීස් රාජා එම ධුරය සඳහා නිතරගයෙන් තේරීපත් වූ බව එරට කි‍්‍රකට් ආයතනය නිවේදනය කර සිටියේය.

පාකිස්තානයේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු මෙන්ම ප‍්‍රවීණ විස්තර විචාරකයෙකු වන රමීස් රාජා පාකිස්තාන කි‍්‍රකට් ආයතනයේ පත් වූයේ එහි 36 වැනි සභාපතිවරයා ලෙස වන අතර පාකිස්තාන හිටපු කී‍්‍රඩකයෙකු එම ධුරයට පත්වූයේ සිව්වැනි වරට වේ.

පාකිස්තාන කි‍්‍රකට් දිශානතිය  යථා තත්ත්වයට පත්කරන බවත් පාකිස්තාන කි‍්‍රකට් කී‍්‍රඩාවේ මනස වෙනස් කළ යුතු බවටත් අදාළ ධුරයේ වැඩ භාරගත් පසු රමීස් රාජා මාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment