වාහන ආනයනයට ලැබුණු කැබිනට් අනුමැතිය

1622

සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම වාහන ආනයනය සඳහා විශේෂ බදු සහන හිමි නොවෙයි.

ඒ අනුව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීම පිණිස ආසන 6 – 15 වෑන් රථ 750ක් (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව)  සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීම ට අනුමැතිය ලැබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment