ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ඉවතට

619

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කර ඇත.

ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාම විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

දැනට නියම කර තිබෙන වසර හතරක සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා විත්තිකාර ඥානසාර හිමියන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment