අරගලයේ විදෙස් බලපෑම් හොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයි

108


පසුගිය අරගල සමයේදී සිදුවූ බවට සැක කෙරෙන දෙස් විදෙස් කුමන්ත්‍රණ පිළිබඳ සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

එහිදී මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ එම තේරිම් කාරක සභාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක් කරන ලෙසය.

එමෙන්ම අරගල සමයේදී සිදුවූ ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙසත් ඉල්ලීමක් කළේය.
එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කීවෙි අරගලය දා ජනතා ස්වෛරීත්වයට බලපෑම් කළේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බවය.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විනාශ කරන්නට කටයුතු කළත් එය අසීරුවෙන් අප නතර කරගත් බව කී කතානායකවරයා විදේශ බලපෑම් මතම ඒ කාරණා සිදුවූ බවට තමාට තොරතුරු නැතැයි කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment