බංග්ලාදේශයට ලොකු ඉලක්කයක්

245


ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය වන අද ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා සිටියදී අත්හිටුවීය.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 511ක් ලබාගත යුතුය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් ලබාගත්තේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 531ක් ලබාගත් අතර බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment