හැටන්- දික්ඔය මාර්ගයේ අලුත්ගාලහිදී කැබ්රථයක් ප‍්‍රපාතයකට වැටේ

309


හැටන්- දික්ඔය ප්‍රධාන මාර්ගයේ අලුත්ගාල ප්‍රදේශයේදී කැබ්රථයක් මාර්ගයෙන් ඉවතට අඩි 50 ක් පමණ පල්ලමක පිහිටි ඇළකට පෙරළී සිදු වූ අනතුරකින් රියදුරා සමග දෙදෙනෙක් තුවාල ලබා ඇති බව බව හැටන් පොලිසිය පවසයි.
ඊයේ රාත්‍රී 07.30 ට පමණ මෙම කැබි රථය හැටන් සිට නෝර්වූඩ් දෙසට ධාවනට කරමින් තිබියදී මෙසේ අනතුරට ලක්ව ඇත. රියදුරුට වාහනය පාලනය කිරීමට නොහැකිව අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවත් වැඩිදුර පරීක්ෂණ පවත්වන පොලීසිය සඳහන් කරයි.
අනතුරෙන් තුවාල ලැබූවන් දික්ඔය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව ද පොලීසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment