කාටූන් කියැවීම : මාක්ස්වාදය අප‍්‍රිය කළ සුහර්තෝ

343

ඉන්දුනීසියාවේ හමවුදා නායකයාව සිට එහි දෙවැනි ජනාධිපති බවට පත්වී වසර 31 ක් එරට පාලනය කළ ‘‘සුහර්තෝ’’ (Suharto) ලන්දේසි යටත් විජිත යුගයේදී යෝජකාකාටා නගරය අසල ගෝඩන් ප‍්‍රදේශයේ කුඩා ගම්මානයක් වූ කෙමසුක්හිදී 1921 ජුනි 8 වැනිදා උපත ලැබීය. ඔහුගේ දෙමාපියන් ජනවාර්ගික ජවනීස්වරුන් වූූහ. මව සුකීරාය. පියා ක්රොසෝඩුදුරෝ විය. සුහර්තෝගේ ජාවා මුස්ලිම් දෙමාපියන් ඔහු ඉපදී ඉතා කෙටි කලකදී දික්කසාද විය. ඉන්පසු සුහර්තෝගේ පියාගේ නැන්දණිය වූ ක්රෝමෝඩිරෝ ගේ රැකවරණය යටතේ සුහර්තෝව තබන ලදී. ඔහු 1931 දී වොන්ඩොටාරි නගරයේ ප‍්‍රාථමික පාසලෙන් අධ්‍යාපනය ලැබූ අතර ඉන්පසු මුහම්මද් අඩි මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගත්තේය.

බොහෝ ජවනීස් (Javanese) වරුන්ට මෙන් සුහර්තෝටද තිබුණේ එකම නමකි. මෑත වසරවලදී ආගමික සන්දර්භය තුළ ඔහුව සමහරවිට හජි හෝ අල්හාජ් මොහොමඞ් සුහර්තෝ ලෙස නම්කර තිබුණත් ඔහුගේ එකම නාමය වන්නේ ‘සුහර්තෝ’ යන්න පමණි.

වයස අවුරුදු 18 දී සුහර්තෝ වරුආරෝරුවේ බැංකුවක ලිපිකරුවකු ලෙස සේවය කළේය. 1940 ජුනි මාසයේදී ඔහු රාජකීය නෙදර්ලන්ත ඉන්දීය කොදෙව් හමුදාව(KNIL) (Royal Netherlands East Indies Army) සමග එක්වූ අතර යුද හමුදාවට බැඳීමෙන් පසු ඕලන්ද භාෂාව කථාකිරීමට ද ඉගෙන ගත්තේය. 1942 මාර්තු මාසයේදී ආක‍්‍රමණික ජපන් හමුදාවට ලන්දේසීන් යටත්වීමෙන් පසු සුකර්නෝ KNIL නිලඇඳුම අතහැරිය අතර ඉන්පසු විරැකියාවෙන් පෙළුණ ඔහු මාස ගණනකට පසු යොන්කාකාටා පොලිස් බළකායට එක්්වී 1948 අපේ‍්‍රල් සිට අගෝස්තු මාසය දක්වා බොගෝර්හි නිලධාරීන් සඳහා පුහුණුවක් ලබාගෙන වෙරළ ආරක්ෂක බළකායේ වෙරළ ආරක්ෂක බළකොටුවේ සේවයට එක්විය. ජපන් යටත්වීම සහ ඉන්දුනීසියානු නිදහස ප‍්‍රකාශකිරීම 1945 අගෝස්තුවේදී සිදුවිය. ඉන්පසු සුහර්තෝ අලූතින් පිහිටුවන ලද ඉන්දුනීසියානු හමුදා නව ඒකකයට පත්විය. 1952 දී ඔහු එහි නියෝජ්‍ය අධිපතියා ලෙස සහ හමුදා බළඇණියේ අණදෙන නිලධාරියා ලෙසට පත්විය.

1946 දී සුහර්තෝ බටහිර හා නිරිත දිග ප‍්‍රදේශ ආරක්ෂා කිරීමේ වගකීම භාර ගත්තේය. 1948 දෙසැම්බරයේදී ලන්දේසීන් පලවා හැරීමේ මෙහෙයුම් කල්ලි දියත් කළේය. 1949 මාර්තු 1 දින සුහර්තෝ ගේ හමුදා නගරය අල්ලාගත් අතර දහවල් වනතුරුම එහි රැඳී සිටියේය. 1949 ජුනි මාසයේදී යෝගාකටා ප‍්‍රදේශයෙන් ලන්දේසීන් ඉවත්කිරීම හා 1949 දෙසැම්බරයේ ස්වෛරීත්වය පරිවර්තනය කිරීම සම්පූර්ණ කිරීමට මෙය හේතුවිය.

කාටූන් කියැවීම : මාක්ස්වාදය අප‍්‍රිය කළ සුහර්තෝ
සුහර්තෝගේ සංස්ථාවට කොටුවීම

විප්ලවය අතරතුර සුහර්තෝ සොලෝවා මාන්කුන්ගරන් රාජකීය පරපුරේ සුළු උතුම් මල්ලකගේ දියණිය වූ ‘සිටී හර්තාන්’ සමග විවාහ විය. මෙම විවාහයෙන් ඔවුනට දරුවන් සය දෙනෙකු ලැබිණි. 1996 දී ‘සිටි හර්තාන්’ මිය ගියේය. 1960 අගභාගයේදී සුහර්තෝ හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස පත්කරන ලදී. 1962 ජනවාරියේදී ඔහු හමුදාව මෙහෙයවා බටහිර නිව්ගිනියාව ලන්දේසීන්ගෙන් බේරාගැනීමේ මෙහෙයුම් ඇරඹීය. ඉන්දුනීසියාවේ පළමුවැනි ජනාධිපතිවරයා වූ ‘සුකර්නෝට’’ සන්නද්ධ හමුදාවල මෙන්ම පොදු ජනතාව තුළ ද විශාල වශයෙන් පක්ෂපාතිතාවය තිබුණි. මේ නිසා සුහර්තෝ බලය අල්ලා ගැනීමට කටයුතු කිරීම නොපෙන්වීමට ද ප‍්‍රවේශම් විය.

ශිෂ්‍ය උද්ඝෝෂණ, පාර්ලිමේන්තුවේ විනය පිරිහීම, මාධ්‍ය ප‍්‍රචාරණය සහ මිල්ටරි තර්ජන ඇතුළු ජනාධිපති ‘සුකර්නෝට’ එරෙහි දේශපාලන පීඩනය ආදී ක‍්‍රියාවලියක් 1966 ජනවාරියේදී ක‍්‍රියාත්මක වූ අතර විශ්වවිiාල තුළින් රජරට විරුද්ධ පෙළපාලි ආරම්භ විය. එයට හමුදාවේ සහාය හා ආකර්ෂණය ද ලැබිණි. 1966 පෙබරවාරියේදී ජනාධිපති සුකර්නෝ සුහර්තෝව ලූතිනන් ජෙනරාල්වරයකු ලෙස උසස් කළේය. මේ අතර සුකර්නෝට එරෙහිව රට තුළ උද්ඝෝෂණ දැඩිවිය. 1966 මාර්තු 11 වැනිදා ජනපති සුකර්නෝ බොගෝර් විලස්ථානයට පළා ගියේය. රට පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට සුහර්තෝ වෙත බල අධිකාරිය ලබා දුන්නේය. ඊළඟ දිනයේදී සුහර්තෝ කොමියුනිස්ට් අනුගාමිකයන් ලෙස චෝදනාකර සුකර්නෝට හිතවත් අය 15 දෙනකු ඉවත් කළේය. ඉන්පසු තමාට හිතවත් නව කැබිනට් මණ්ඩලයක් පත් කළේය. 1966 ජුනි මාසයේදී පාර්ලිමේන්තුව මාක්ස්වාදය සහ ලෙනින් වාදය රටතුළ තහනම් කළේය. 1967 පෙබරවාරියේදී සුකර්නෝ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සුහර්තෝ ප‍්‍රකාශ කර සුකර්නෝව නිවාස අඩස්සියට පත් කළේය. 1967 මාර්තු 27 වැනිදා සුහර්තෝ ඉන්දුනීසියාවේ දෙවැනි ජනාධිපති බවට පත්විය. 1970 ජුනි මාසයේදී සුකර්නෝ මිය ගියේය.

ශිෂ්‍ය ව්‍යාපාරය සුහර්තෝගේ පාලන තන්ත‍්‍රයේ වැඩෙන ඒකාධිපතිත්වය හා දූෂණය කෙරෙහි විමසිලිමත් විය. 1971 මැතිවරණයේදී සුහර්තෝට විශාල ශිෂ්‍ය ව්‍යාපාරවලට මුහුණදීමට සිදුවිය. ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් සිරගත කිරීම් මගින් ඔහු එයට මුහුණ දුන්නේය. 1978 අපේ‍්‍රල් මාසයේ දී විශ්වවිiාල දේශපාලන ක‍්‍රියාකරකම් තහනම් කළේය.

මේ අතර සුහර්තෝ විසින් රජයේ වැඩපිළිවෙළට සහයෝගය දැක්වීම සඳහා විවිධ ජාතීන් නියෝජනය කරන සමාජ සංවිධානවන ඉන්දුනීසියානු ජාතික සිවිල් සේවා බළකාය, ඉන්දුනීසියානු ජාතික සේවක සංගමය, රාජ්‍ය සේවක සංගමය, ආදිය පිහිටුවීය. චීන සංස්කෘතිකමය හා ආගමික ප‍්‍රකාශ තහනම් කළේය. චීන පාසල් විසුරුවා හැරියේය. 1968 දී සුහර්තෝ ඉතා සාර්ථක පවුල් සැලසුම් වැඩසටහන් ආරම්භ කළේය. විශාල ජනගහන වර්ධන අනුපාතය වළක්වා ඒක පුද්ගල ආදායම වැඩිකළේය.

සුහර්තෝ මිලිටරි නිලධාරීන් කලාපීය ප‍්‍රධානීන් ලෙස පත් කළේය. 1969 වනවිට ඉන්දුනීසියානු පළාත් ආණ්ඩුකාරවරුන් ගෙන් 70%ක් සහ එහි දිස්ත‍්‍රික්ක ප‍්‍රධානීන්ගෙන් අඩකට වැඩි පිරිසක් ක‍්‍රියාකාරී හමුදා නිලධාරීන් වූහ. රටේ ආර්ථිකය නඟාසිටුවීමට සුහර්තෝ ඇමෙරිකානු උගත් ආර්ථික විiාඥයින් කණ්ඩායමක් බඳවා ගත්තේය. රට විදේශ ආයෝජන සඳහා විවෘත කළේය. 1967 ඔක්තෝබරයේදී අත්හිටුවන ලද චීන සබඳතා 1990 දී යළි ස්ථාපිත කළේය. 1975 දෙසැම්බර් 7 වැනිදා ටිමෝරය ආක‍්‍රමණයකර එය තම රටට ඈදෑ ගැනීමට සුහර්තෝ සමත් විය. නැෙඟනහිර ටිමෝර ගැටුමේදී 2,13600 ක් අවම වශයෙන් මියගියේය. සුහර්තෝගේ සෞඛ්‍ය සේවා වැඩසටහන් යටතේ අවුරුදු 47 සිට 67 දක්වා දිවිය ඉක්මවා යෑම 60% කින් වැඩිවිය. 1984 වනවිට ඉන්දුනීසියාව සහල්වලින් ස්වයංපෝෂිත තත්ත්වයකට පත්විය. 1990 මුල්කාලයේදී රට තුළ ශක්තිමත් ආර්ථික වර්ධනයක් ඇතිවිය.

1990 මුල් භාගයේදී සුහර්තෝගේ දරුවන් තිදෙනෙක් ඔවුන්ගේ සමාගම් සඳහා රජයේ කොන්ට‍්‍රාත් ලබාගත් අතර සුහර්තෝගේ ඥාති සහෝදරයකු වූ සුඞ්වික්ට්මොසටෝ ඉන්දුනීසියාවේ රජයේ ඉඩම් අක්කර 36,000 ක් ලබාගත්තේය. නැෙඟනහිරට ටිමෝටරයේ 40% ක පමණ ප‍්‍රමාණයක් සුහර්තෝගේ පවුල විසින් පාලනය කළේය. ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉන්දුනීසියාවේ වඩාත්ම ලාභදායී දේශීය සමාගම් 1251ක කොටස් නොමිලේ ලබාගත්තේය. සුහර්තෝ සහ ඔහුගේ පවුලේ අය ඩොලර් බිලියන 15 ක මුදලක් වංචා කළ බවට ද චෝදනා එල්ලවී ඇත.

1992 දී සුහර්තෝ නොබැඳි ජාතීන්ගේ සංගමයේ ප‍්‍රධානියා බවට පත්විය. 1980 දශකය වනවිට සුහර්තෝ බලය පවත්වාගෙන ගියේ සිවිල් සමාජය මැඬපැවැත්වීම සහ සැලසුම්කළ මැතිවරණ මිලිටරි බලය යොදා බලහත්කාරයෙන් ජයග‍්‍රහණ ලබා ගැනීම් මගිනි. 1983 සිට 1985 දක්වා කාලය තුළ යුද අපරාධකරුවන් 10,000 ක් පමණ ඝාතනය කර ඇත. 1984 දී ගතානුගතික මුස්ලිම් විරෝධතාකරුවන් 100 ක් පමණ බොරෝබුදුර් අසලදී හමුදාව විසින් ඝාතනය කරන ලදී.

මේ අතර සුහර්තෝ ඔහුගේ පාලන තන්ත‍්‍රය සෙමින් – සෙමින් මිලිටරීකරණය කිරීමට පටන් ගත්තේය. 1996 වනවිට හිටපු ජනාධිපති සුකර්නෝගේ දියණිය ‘මෙගාවතී සුකර්නාජරි’’ දේශපාලන වශයෙන් ඉදිරියට ආ අතර ජකාර්තාහි පැවැති රැළියක සිටි ඇගේ ආධාරකරුවන්ට පහර දුන්නේය. මෙහිදී 200 ක් අත්අඩංගුවට ගත් අතර 23 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනයකර ඇත.

1997 – 98 කාලයේදී ආසියානු මූල්‍ය අර්බුදය මැද ඉන්දුනීසියාව ද දැඩි ලෙස පීඩාවට පත්විය. බොහෝ සමාගම් බංකොලොත් විය. ආර්ථිකය 13.7% කින් පහත වැටිණි. රට පුරා විරැකියාව හිස එසවීය.

1998 දී මැතිවරණයක් පැවැත්වූ අතර එම වසරේ මාර්තු මාසයේ සිට සුහර්තෝ තවත් වසර පහක් සඳහා හා තම පදවිය සම්මත කරගතතේය. කැබිනට් මණ්ඩලයට පවුලේ අයව එක්කරගත් අතර දියණිය සමාජ කටයුතු අමාත්‍යවරිය ලෙස පත් කළේය. සුහර්තෝ ඊජිප්තුවේ සංචාරය කරන අතරතුර ජකර්තා හා තවත් නගර කිහිපයක කැරලි ගැසීම් කොල්ලකෑම් සිදුවිය. 1000කට අධික පිරිසක් මිය ගියේය. සුහර්තෝට ඉල්ලා අස්වීමට බලකරන සිසුන් දස් ගණනක් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ වහලය හා භූමිය අත්පත්කර ගත්තේය. 1998 මැයි 21 වැනි දින සුහර්තෝ ඉල්ලා අස්වී ජකාර්තා හි මෙන්ටෙන්ග් ප‍්‍රදේශයේ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග ආරක්ෂාව මැද සිට කලාතුරකින් සමාජයේ පෙනී සිටියේය.

2000 මැයි 29 වැනි දින ඉන්දුනීසියානු බලධාරීන් විසින් සුහර්තෝ සිය ජනාධිපති කාලයේදී කළ දූෂණයන් විමර්ශනය කිරීම ආරම්භ කළේය. සුහර්තෝ නිවාස අඩස්සියට ද පත් කළේය. ඩොලර් මිලියන 501ක මුදලක් වංචා කිරීම පිළිබඳව ඔහුට චෝදනා එල්ල විය. මේ අත ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගියේය. පවුලේ වෛiවරු කියා සිටියේ ඔහුගේ සෞඛ්‍ය යහපත් නොවන නිසා නඩු විභාගවලට පෙනී සිටීමට නොහැකි බවය. 2002 දී සුහර්තෝගේ පුත් ටොමීට වසර 15 ක සිර දඬුවම් නියම විය. ඒ නීති විරෝධී ආයුධ ළඟ තබා ගැනීම හේතුවෙනි. 2006 දී කොන්දේසි විරහිතව ඔහුව නිදහස් කළේය. 2003 දී සුහර්තෝ්ගේ අර්ධ සොහොයුරාට දූෂණයක් හේතුකොට ගෙන වසර හතරක සිරදඬුවම් නියම විය. සුහර්තෝට ඩොලර් මිලියන 1.1 ක මුදල් අතුරුදහන් වීම පිළිබඳව ද නඩු පවරන ලදී.

2008 ජනවාරි 4 දා සුහර්තෝ දුර්වල හදවත, උදරයේ ආබාධ සහ අර්ධ වකුගඩු රෝගී තත්ත්වයන් යටතේ ජකර්තා මහ රෝහල වෙත ගෙන යන ලදී. 2008 ජනවාරි 27 වැනි දින දවල් 1.10 ට සුහර්තෝ මිය ගියේය. ඔහුගේ මරණයෙන් පසු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අවමංගල්‍යය පැවැත්වුණි. ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බම්බලයුඩෝටෙයොනෝ නිල ශෝක කාලයක් ප‍්‍රකාශ කළේය.

කැනඩා ජාතික කාටුන් ශිල්පි ඒඩි‍්‍රයන් රෙයිසයිඞ් (Adrian Raeside) ගේ කාටුනයේ දැක්වෙන්නේ ඉන්දුනීසියාව (indonesia) නම් කුඩා ගෙයක් වටකොට ඇති උඩට කටුකම්බි යෙදූ උස තාප්පයකි. තාප්පයේ සුහර්තෝ සංස්තාපිත හෝ සංස්ථාගත යන අර්ථය දැක්වෙන Suharto inc යනුවෙන් ලියා ඇත. (inc යනු Incorporated යන්නෙහි කෙටි යෙදුමයි) තාප්පයෙන් වටවූ ගෙතුළ සිටි මිනිසුන් එහි ප‍්‍රධාන දොර කඩාගෙන එළියට පැමිණෙන්නේ ඉතා සතුටිණි. ජයග‍්‍රහණයන් සමරමනි. කැඞීගිය දොර සහ දොරට දමන ලද ඉබි අගුල ද බිම වැටී ඇත. ඒ අතර ගෙයි එළියේ පසෙක මිනී ඔළුවක් සහ මිනී ඇටකටු ද ඇත. මිනිසුන් තමන්ට නිදහස ලැබුණා යැයි සතුටින් සිටියත් ඔවුන් නොදැනුවත්වම ඒ සියලූදෙනාම සුහර්තෝගේ සංයුක්තියට (සංස්ථාවට හෝ ආයතනයට) කොටුවී ඇත. ඔවුන්ට එයින් ගැලවී යෑමට නොහැකිය. එයයි එකල සුහර්තෝගේ පාලන කාලයෙහි ඉන්දුනීසියාවේ සැබෑ තත්ත්වය.

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment