ඉන්දියාවට කඩුලු 10ක ජයක්

271

සිම්බාබ්වේ සහ ඉන්දියා කණ්ඩායම අතර පැවති තරග 3කින් යුත් එක් දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා 190ක ඉලක්කයක් හඹා ගිය ඉන්දී්‍ය ක්‍රීඩකයන් පන්දු වාර 30.5ක් තුළදී කිසිදු කඩුල්ලක් නොදැවී එම ජයග්‍රහණය ලබා ගත්තේය.

එහිදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ශිකර් ධවාන් පන්දු 113 කදී ලකුණු 81ක් ද, සුබ්මන් ගිල් පන්දු 72කදී ලකුණු 82ක් ද රැස් කළේය.

සිම්බාබ්වේ කණ්ඩායමට පළමුව පන්දුවට පහරදී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 189ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment