Dialog Home Broadband වෙතින් හිතේ හැටියට YouTube හා Social Media භාවිත කිරීමට හොඳම Anytime පෙරගෙවුම් ප්ලෑන් දෙකක්

63

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට Wi-Fi පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතාවන් සඳහාම ගැළපෙන පරිදි, නවතම Home Broadband පෙරගෙවුම් Wi-Fi ප්ලෑන් දෙකක් හඳුන්වා දී ඇත. Dialog පාරිභෝගිකයන්ගේ වැඩිවන Wi-Fi අවශ්‍යතාවන්ට හොඳම විසඳුමක් ලෙසින් මෙම ප්ලෑන් ඉදිරිපත් කරන බව සතුටින් දැනුම් දෙන Dialog, සිය පාරිභෝගිකයන්ට වඩාත් දැරිය හැකි මිලකට Social Media හා YouTube සඳහා Wi-Fi data එමගින් පිරිනමයි.

ඒ අනුව, Dialog Home Broadband පාරිභෝගිකයන්ගේ වෙනස් data අවශ්‍යතාවන් සඳහාම හඳුන්වා දී ඇති, ගෙදරට Wi-Fi Social Plan හා ගෙදරට Wi-Fi YouTube Plan ලෙස පෙරගෙවුම් data ප්ලෑන් දෙකකි. ගෙදරට Wi-Fi Social ප්ලෑන් එක මගින් මසකට රු. 760/- ක මිලට GB 40 ක් හිමිවේ. මෙම ප්ලැන් එක මගින් TikTok, Instagram, හා Facebook භාවිතා කිරීමට GB 20 ක්ද, තවත් ඕනෑම internet භාවිතයක් සඳහා GB 20 ක්ද පාරිභෝගිකයන්ට හිමිවේ. ගෙදරට Wi-Fi YouTube ප්ලෑන් එක රු.860 කට GB 50 ක් මසකට හිමිවේ. මෙම ප්ලැන් එක සමඟ මුළු මාසයක් පුරාම හිතේ හැටියට මුළු පවුලටම YouTube සඳහා GB 30 ක්ද, ඕනෑම Internet භාවිතයක් සඳහා GB 20 ක්ද හිමිවේ. එමෙන්ම මෙම data plan මගින් හිමිවන Anytime data quota දවසේ ඕනෑම වේලාවක භාවිතා කිරීමට හැකි වන බැවින්, පාරිභෝගිකයන්ට අන්තර්ජාල භාවිතයේදී වැඩි නිදහසක් හිමිවීම සැලකිය යුතු කරුණකි.

ඩයලොග් පෙරගෙවුම් Wi-Fi පාරිභෝගිකයන්ගේ සියලු Data අවශ්‍යතාවන් මසකට එක reload එකකින් සපුරා දේ. මෙම ප්ලෑන් ඔස්සේ, ඔවුන්ගේ ප්‍රියතම YouTube, Facebook, Instagram, සහ TikTok සමගින් සුවිශේෂී social media අත්දැකීමක් විඳගැනීමට ඉඩකඩ සලසා දෙයි. එපමණක් නොව, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කාලානුරූපීව වෙනස් වූ data අවශ්‍යතාවන් වෙනුවෙන්, ඩයලොග් ඉදිරිපත් කරන මෙවැනි සුවිශේෂී විසඳුම්, මෙරට වාසිදායකතම data ප්ලෑන් වීම ද විශේෂත්වයකි.

ඩයලොග් Home Broadband Home Wi-Fi පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මෙලෙස හඳුන්වා දුන් නව data ප්ලෑන් activate කිරීම, අදාළ මිල ගණන රීලෝඩ් කිරීම මගින් හෝ MyDialog App මගින් සිදුකළ හැක.

ඩයලොග් Home Broadband පෙරගෙවුම් ප්ලෑන් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට, www.dialog.lk වෙත පිවිසෙන්න.

advertistmentadvertistment
advertistmentadvertistment