පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන ගමන නවතී

173

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ යේමනය සමග ඊයේ( 17 දා )පැවැති තරගය 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන්වීම මත ශ්‍රී ලංකාවට තරගාවලියේ දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූයේය.

කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ සවස පැවැති එම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ ගෝලය ශ්‍රී ලංකා නායක චරිත රත්නායක විසින් වාර්තා කරන ලදී.

පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට යේමනය සමග තරග දෙකක් යොදා තිබූ අතර සෞදි අරාබියේ දී පැවැති එහි පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝල 3-0 ක පරාජයක් උරුම විය.

ඒ අනුව ශ්‍රී ලංකාවට දෙවන වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නම් ඊයේ පැවැති තරගයේදී යේමනය 4-0 ක් ලෙස පරාජය කළ යුතුව තිබිණි. එහෙත් තරගය ජය පරාජයෙන් තොරව අවසන්වීම මත ශ්‍රී ලංකාවේ එම සියලු බලාපොරොත්තු සුන් වූ අතර ප්‍රතිවාදී යේමනය දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment