ධනිශ්කට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කරයි

147

2022 ලෝක කුසලාන ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එල්ල වී ඇති අපරාධ චෝදනාවල බලපෑම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ කමිටුව ඔහුට එරෙහිව පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නිර්දේශ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

2022 වසරේ නොවැම්බර් මසදී නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් උසාවියේ ගොනු කරන ලද සියලුම චෝදනාවලින් ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු ඔහු ඉකුත් ඔක්තෝම්බර් 03 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔස්ට්‍රේලියාවේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවෙමින් සිටියදී කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි චෝදනාව මත එරට පොලිසිය විසින් ධනුෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ සියලු ක්‍රිකට් ක්‍රියාකාරකම් අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගන්නා ලදී. ඔහුගේ ක්‍රියාවෙන් ක්‍රිකට් මෙන්ම රටේ කීර්ති නාමයට සිදුවිය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින් ධනුෂ්කට එරෙහිව සිදුකරනු ලබන නීතිමය ක්‍රියාමාර්ග අවසන් වන තෙක් මෙම අත්හිටුවීම පනවා තිබිණ.

මෙම තත්ත්වය මත ගෙවී ගිය මාස 11 ක කාලය පුරාවටම ධනුෂ්කට ඔස්ට්‍රේලියාවෙන් පිටතට ගමන් කිරීම තහනම් වී තිබිණ. අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහුට එරෙහිව චෝදනා කීපයක් තිබූ මුත් එක් චෝදනාවක් හැරෙණු කොට අනෙකුත් චෝදනා නඩු විභාගයට පෙර පැමිණිල්ල විසින් ඉවත් කර ගන්නා ලදී. කෙසේ වෙතත් නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණය විසින් සිදුකරන ලද පූර්ණ නඩු විභාගයෙන් පසු ධනුෂ්කට තිබූ එකම චෝදනාවෙන් ද ඔහු නිදහස් විය.

ගුණතිලකගේ ක්‍රිකට් දිවිය පිළිබඳව නිසි සැලකිල්ලක් දැක්වීමෙන් සහ ජාතියේ ක්‍රිකට් අභිලාෂයන් කෙරෙහි වන බලපෑම පිළිබඳව අවධානය යොමු කළ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විමර්ශන කමිටුව ඔහුට එරෙහිව පනවා තිබූ තහනම වහා ඉවත් කරන ලෙස ඒකමතිකව නිර්දේශ කර තිබේ. නීතිඥ නිරෝෂණ පෙරේරා සහ නීතිඥ අසේල රැකව මහත්වරු එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ. ඒ අනුව ධනුෂ්කට සුපුරුදු පරිදි සිය ක්‍රිකට් ක්‍රියාකාරකම් ආරම්භ කිරීමේ අවසරය හිමිව තිබේ.

2023 වසරේ ඔක්තෝම්බර් මස 13 වැනිදා රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ධනුෂ්කගේ තහනම පිළිබඳව විමර්ශන කමිටුව විසින් ලබා දුන් නිර්දේශය අනුමත කිරීමට පියවර ගෙන තිබේ. කසේ වෙතත් ඉදිරි ජාතික කටයුතු ක්‍රියාකාරකම් වලදී ජාතියේ නියෝජිතයකු ලෙස සෑම විටම තම තත්ත්වය තහවුරු කොට කටයුතු කරන ලෙසද ඔවුන් විසින් ගුණතිලක මහතාට අවවාද කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment