නිලානි, ගයන්තිකා, සචිනි සහ රුසිරු ජාතික වාර්තා අලූත් කරති  – 100 වැනි ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය

182

දියගමදී කි‍්‍රයාත්මක ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියේදී ජාතික වාර්තා 4ක් අලූත් කිරීමට නිලානි රත්නායක, ගයන්තිකා අබේරත්න, සචිනි පෙරේරා සහ රුසිරු චතුරංග සමත්විය. එ් තරගාවලිියේ දෙවැනි දිනය වූ පෙරේදා (09 වැනිදා* දිනයේදී පිළිවෙලින් මීටර් 3000 බාධක දිවීම, මීටර් 800 කාන්තා, රිටි පැනීම සහ මීටර් 800 පිරිමි යන තරග ඉසව් ජයග‍්‍රහණය කරමිනි.

මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්ව මිනිත්තු 9.40.25ක කාලකින් නිමාවට පත් කිරීමට නිලානි රත්නායක සමත්වූවාය. එය මීට පෙර නිලානි විසින්ම පිහිටුවා තිබූ ජාතික වාර්තාව අලූත් කිරීමක් ලෙසින් සටහන් විය. එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් දෙක පිළිවෙලින් එන්. නිදර්ශනි සහ උදයකුමාරි විසින් හිමිකර ගත්තාය.

මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කරමින් තරග වැදුණු ගයන්තිකා අබේරත්න එම ඉසව්ව මිනිත්තු 2.01.44කින් නිමාවට පත් කරමින් නව ජාතික වාර්තාවක් බිහි කිරීමට සමත්වූවාය. එහි දෙවැනි ස්ථානය නිමාලි ලියනආරච්චි විසින් දිනා ගනිද්දී තරුෂි කරුණාරත්න එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

රිටි පැනීමේ පිරිමි ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් බිහි කිරීමට සචිනි පෙරේරා සමත්වූවාය. එම ඉසව්වේදී මීටර් 3.71ක දක්ෂතාවක් ප‍්‍රදර්ශනය කිරීමට ඇය සමත් වූ අතර මීට පෙර එම ඉසව්වෙන් මීටර් 3.70ක දක්ෂතාවක් ප‍්‍රදර්ශනය කිරීමට සචිනි පෙරේරා සමත් වී සිටියාය.

මීටර් 800 පිරිමි ඉසව්වේදී නව ජාතික වාර්තාවක් බිහි කිරීමට රුසිරු චතුරංග සමත්විය. එ් එම ඉසව්ව මිනිත්තු 1.50.84ක් වාර්තා කරමින් නිමාවට පත් කරමිනි.

මේ අතර මීටර් 400 කාන්තා ඉසව්ව මිනිත්තු 1.00.23කින් අවසන් කිරීමට අමේෂා හෙට්ටිආරච්චි සමත්වූ අතර එය නව ජාතික කනිෂ්ඨ වාර්තාවක් ලෙස සටහන් විය.

කාන්තා දුර පැනීමේ ඉසව්වේදී මීටර් 6.25ක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට සාරංගි ද සිල්වා සමත් වූවාය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment