සුදුලූනු වංචාවේ බ්‍රෝකර්ලා 2ක් රිමාන්ඩ්

301

ලංකා සතොස ආයතනයේ සිදුවූ සුදුලූනු ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රදේශයේ තැරැව්කාර සමාගමක් හිමි පුද්ගලයන් දෙදෙනකු ඊයේ (28 දා) අත්අඩංගුවට ගත් පෑලියගොඩ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, සැකකරුවන් ඔක්තෝබර් මස 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිසර මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා විසින් නියෝග කර ඇත.

පසුගිය ඇඳිරිනීති කාලසීමාවේ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර නිදහස් කර සතොස වෙළෙඳ සල් හරහා හි`ගයකින් තොරව පාරිභෝගික ජනතාවට ලබාදීමට 2021/7/15 වැනිදා රජය විසින් නිකුත් කළ විශේෂ ගැසට් පත‍්‍රයට අනුව ලංකා සතොස ආයතනය විසින් කිලෝවක් රුපියල් 105.00 බැගින් සුදුලූනු කිලෝ 54,860ක් කොළඹ වරායේ ගබඩාවකින් මිලදී ගෙන එම සුදුලූනු තොගය ලංකා සතොසට නිදහස් නොකර කිලෝවක් රුපියල් 135.00 බැගින් පෞද්ගලික තොග වෙළෙඳ ආයතනයකට අලෙවි කිරීමට සහාය වෙමින් කොමිස් මුදල් ලෙස රුපියල් 210,45,000 ක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනා ලංකා සතොස ආයතනයට වරායෙන් කිලෝවක් රුපියල් 105.00 බැගින් මිලට ගත් සුදුලූනු තොගය පෞද්ගලික තොග වෙළෙඳ සමාගම වෙත අලෙවි කිරීමට තැරැුව්කාරයන් ලෙස (බ්‍රෝකර්* ක‍්‍රියා කරමින් එම ගනුදෙනුවෙන් රුපියල් 210,45000 ක කොමිස් මුදලක් ලබාගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

කොළඹ මෝදර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා තැරැව්කාර සමාගමක හිමිකරුවන් බව ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

පෑලියගොඩ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂක සරත් සහ සැරයන් ජගත් යන නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා වැලිසර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment