ළමා අපයෝජනයකට දඹුල්ල හිටපු නගරාධිපතිගේ සොහොයුරා අත්අඩංගුවට

150


අවුරුදු 12ක බාලවයස්කාර පිරිමි දරුවෙකුට අපයෝජනයක් සිදුකළ බවට චෝදනා පිට දඹුල්ල මහනගර සභාවේ වැඩ පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිසියට භාරවීමෙන් පසුවය.

අත්අඩංගුවට ගත් වැඩ පාලකවරයා දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයාගේ සහෝදරයෙකු බව වාර්තා වෙයි.

සැකකාර වැඩ පාලකවරයා පසුගිය වසරේ අවස්ථා කිහිපයකදීම අදාළ පිරිමි දරුවා අපයෝජනය සඳහා යොදාගෙන ඇති බව තොරතුරු හෙළිවී තිබේ.

ළමා ආරක්ෂණ අධිකාරියේ දැනුම්දීම පරිදි දඹුල්ල පොලීසිය පසුගිය දින කිහිපයේ අවස්ථා ගණනාවක සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිවසට සහ වැඩ පරිශ්‍රයට ගියද ඔහු ප්‍රදේශයෙන් සැඟවී සිටි බව පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment