රු. ලක්‍ෂ 74ක මුදල් වංචාවට චාවාකච්චේරිය සතොස කළමනාකරු අත්අඩංගුවට

62

රුපියල් ලක්‍ෂ හැත්තෑහතරක මුදල් වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් යාපනය චාවාකච්චේරිය ලංකා සතොස ශාඛාවේ කළමනාකාරවරයා අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

චාවාකච්චේරිය සතොස අලෙවිසලේ දෛනික මුදල් මාස හයක් තිස්සේ බැංකුගත නොකර සිය පෞද්ගලික පරිහරණයට ගනිමින් මොහු මෙම වංචාව සිදු කර ඇතැයි සතොස ප්‍රධාන කාර්යාලය සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත.

සතොස ප්‍රධාන කාර්යාලයේ මුදල් අංශය සිය රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් මෙම කළමනාකාරවරයා මාස හයක් තිස්සේ මෙම මුදල් වංචාව සිදු කර ඇති අතර චාවාකච්චේරිය සතොස ශාඛාවේ වෙනත් සේවකයකු සතොස ප්‍රධාන කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබාදී මේ පිළිබඳ හෙළි කිරීමෙන් පසු සිද්ධිය හෙළිවී තිබේ. පසුව එම කළමනාකරු සතොස මූලස්ථානයට කැඳවා සිදුකළ විමසීමකදී තමන් එම මුදල් වංචාව සිදු කළ බව පිළිගෙන ඇත. පසුව ඔහු සේවය අතහැර ගොස් සැඟව සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් සතොස සභාපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව සිය බිරිඳට අයත් කැකිරාව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment