කෝටිපති නිවසේ ගෘහ සේවිකාව මියයෑම

964

පොලිසියේ 4 දෙනා 10 දා තෙක් යළි රිමාන්ඩ්

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ සේවය කර තිබූ ආර්. රාජකුමාරි නමැති 42 හැවිරිදි දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධානගාර ගතකර සිටින වැලිකඩ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනා ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (27දා) නියෝග කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කොට අධිකරණයට වාර්තා කරන ලෙසටද අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මාධව ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන්ට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment