ත්‍රි’මලේ තෙල් ටැංකි නැවත සක්‍රීය කරන්න ජනපතිගෙන් උපදෙස්

282

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රීය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂයභාර ඇමැතිවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (03දා) දහවල් ත්‍රිකුණාමලය ලංකා අයි.ඕ.සී තෙල් ටැංකි හා ගබඩා පර්යන්තයේ සහ තෙල් ටැංකි 61කින් සමන්විත ඉහළ තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණයට එක් වූ අවස්ථාවේදී ය.

ත්‍රි’මලේ තෙල් ටැංකි නැවත සක්‍රීය කරන්න ජනපතිගෙන් උපදෙස්

දශක ගණනාවක සිට භාවිතයට නොගත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නවීකරණය කරමින් ත්‍රිකුණාමල සංවර්ධන වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment