හේමසිරි නිදහස් කරන්නැයි නීතීඥයන් කළ ඉල්ලීම ඉවතට

198

මුස්ලිම් අන්තවාදීන් විසින් 2019.4.21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම හා ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනාවලින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකු වන හේමසිරි ප‍්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කරන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා කළ ඉල්ලීම කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (22දා) පස්වරුවේ ප‍්‍රතික්‍ෂේප කළහ.

සිය සේවාදායකයාට එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා 855 අතරින් 294 ක්ම ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 294 යටතේ ගැනෙන මිනීමැරීමේ චෝදනා බවත් සෙසු අධිචෝදනා 56 මිනීමැරීම සඳහා ආධාර අනුබලදීමේ අධිචෝදනා බවත් අධිකරණයට පෙන්වා දුන් ජනාධිපති නීතීඥවරයා එකී සියලූ අධිචෝදනාවලට සිය සේවාදායකයා කිසිදු ආකාරයකින් සම්බන්ධ බවට සාක්‍ෂි නොමැති බව පෙන්වා දෙමින් මූලික විරෝධාතවක් ගොනු කළේය.

මහජනයා සතුටු කිරීම සඳහා මේ රටේ නඩු පැවරීම් සිදුවන්නේ යැයි පවසමින් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දැක්වීමට සුදානම් වුවත් තම අධිකරණයට අවශ්‍ය වනුයේ නීතිමය කරුණු පමණක් බව සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා පෙන්වා දුන්නේය.

ලැබුණු බුද්ධි තොරතුරු අනුව කටයුතු කිරීමට එවකට ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ විත්තිකරු බැඳී සිටින බවත් එලෙස නොකිරීම ඉතා බරපතළ වරදක් බවත් පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුද්ර්ශනද සිල්වා මහතා විත්තිකරු නීති විරෝධි පැහැර හැරීමක් සිදු කළේද නැතිද යන්න තීරණය කළ යුත්තේ අධිකරණය බවත් විත්තිකරුට එරෙහිවය නගා ඇති චෝදනා සනාථ කළ හැකි සාක්‍ෂි ඇති බව තමා විශ්වාස කරන බවත් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව විත්තියේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ විනිසුරු මු`ඩුල්ල විත්තිකරුට අධිචෝදනා පත‍්‍රය කියවා දෙන ලෙසට මහාධිකරණ භාෂණ පරිවර්තකවරියට නියෝග කළහ. සිය ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කිරීමට අපේක්‍ෂා කරන බැවින් සති දෙකක කාලයක් සඳහා නඩු විභාගය කල්තබන ලෙසට හේමසිරි ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලීමක් කළ නමුත් එකී ඉල්ලීමද විනිසුරු ම`ඩුල්ල ප‍්‍රතික්‍ෂේප කළහ.

අධිචෝදනා කියවාදීමෙන් අනතුරුව නඩුවේ සාක්‍ෂි විභාගය අද (23දා) පස්වරු 1.00 ට ආරම්භ කිරීමට නාමල් බලල්ලේ ආදිත්‍ය පටබැදිගේ හා මොහොමඞ් ඉර්සඞීන් යන විනිසුරු ම`ඩුල්ල දින නයිම කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment