ලංකාවට එන තායි අගමැති වෙළෙඳ ගිවිසුම අත්සන් තබන මොහොතටත් එක්වෙයි

38

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම ලබන 3 වැනිදා මෙරටට පැමිණෙන තායිලන්ත අගමැති සෙට්ඨා තවිසින් මහතාගේ නිරීක්‍ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.

තායිලන්ත රාජධානියේ අග්‍රාමාත්‍ය සේට්ඨා තවිසින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමෙන් ලබන පෙබරවාරි 03-04 යන දිනවල ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වන අතර තායි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උළෙලෙහි ගෞරවණීය ආරාධිතයා ද වේ.

තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ වාණිජ අමාත්‍ය ඵූම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තැබීමට නියමිතය. දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කොට ශ්‍රී ලංකාව ආසියානු රටවල ආර්ථිකය සමග තවත් දැඩි ලෙස සමෝධානය වීම ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් අපේක්‍ෂිතය. මීට අමතරව, දෙරට අතර පවතින ගුවන් සේවා ගිවිසුම අලුත් කිරීමට දෙපාර්ශ්වය අපේක්‍ෂා කරන අතර ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment