අපේ ගුරුවරු තායිලන්තයේදී තාවකාලික පැවිද්ද ලබා….

193

මෙරට ගුරුවරුන් 270 ක් ඇතුළු පිරිස පුරා සති දෙකක් තායිලන්තයේදී තාවකාලික පැවිදි ජීවිතයට ඇතුළත්ව ඇත. දින 15 ක් පුරා තාවකාලික පැවිද්ද ගත කරන මේ පිරිස වෙනුවෙන් විචිත්‍ර ධර්ම කථික ගල්ගමුවේ ඥාණදීප හිමියන් විසින් භාවනා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

තායිලන්තයේ තාවකාලික පැවිද්ද ලැබූ පිරිස අතර මෙරට පාසල්වල විදුහල්පතිවරු, ගුරු උපදේශකයන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම ගුරුවරුන් ද ඇතුළත් වේ.

තායිලන්තයෙන් මීට වසර 2005 කට පෙර උපදම්පදාව ගෙනඒම සිහිපත් කරමින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත. ඡායාරූපයේ දැක්වෙන්නේ ගල්ගමුවේ ඥාණදීප හිමියන් භාවනා වැඩසටහන පවත්වන ආකාරය සහ එයට සහභාගිවන තාවකාලික පැවැද්ද ලැබූ පිරිසයි.

advertistmentadvertistment
advertistmentadvertistment