බෙන්තොට සාදයක් වටලා අයිස් සමග තිහක් අත්අඩංගුවට

60

බෙන්තොට, බෝධිමළුව පන්සල පාරේ නිවාඩු නිකේතනයක සාදයක් පවත්වමින් සිටි පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය සමග 17දා අත්අඩංගුවට ගෙන ඇතැයි බෙන්තොට පොලීසිය කියයි. බෙන්තොට පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් තුෂාර කාරියවසම් මහතාට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1යි, මිලි ග්‍රෑම් 500ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ.

බෙන්තොට සාදයක් වටලා අයිස් සමග තිහක් අත්අඩංගුවට

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වයස අවුරුදු 21 ත් 35 අතර පසුවන කොළඹ, මට්ටක්කුලිය, වත්තල, නාරාහේන්පිට, මෝදර, මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවත්, සැකකරුවන් අතර එල්ටීටී සංවිධානයේ සිට පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයෙක් ද සිටින බව පොලීසිය කියයි. රුපියල් හැටදහසක් ගෙවා 16 සහ 17 දින දෙකට එම නිවාඩු නිකේතනය වෙන් කරගෙන තිබේ. සැකකරුවන් බලපිටිය මහෙස්ත්‍රාත් හමුවට 18 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

බෙන්තොට පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් තුෂාර කාරියවසම් මහතාගේ උපදෙස් මත, උ.පො.ප. ජයලාල්, පො.සැ. සිල්වා (2889), පො.සැ. සිසිර (553), පො.සැ. ගුණවර්ධන (1448), පො.කො. ගමගේ (70765), පො.කො. චතුරංග (67091) ඇතුළු නිලධාරීන් විසින් වැටලීමකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
බද්දේගම – ඕෂධ කමලනාථ, නියාගම විල්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment