මත්ද්‍රව්‍ය වැටලීම්වලින් මේ වසරේ මෙතෙක් අනූදහසක් කොටුවෙලා

80

මෙම වසරේ (2022) මේ දක්වා ගත වූ මාස 11 1/2 තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී පුද්ගලයන් අනූදහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින’ ට පැවසීය.

මෙහිදී මත්කුඩු කිලෝග්‍රෑම් 1441 ක් සහ ඊට අදාළව සැකකරුවන් 45,801 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම මෙම කාලය තුළ ගංජා කිලෝග්‍රෑම් 11,881 ක් සහ ඊට සම්බන්ධ සැකකරුවන් 34,062 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මෙම කාලය තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 109 ක් හා ඒ සම්බන්ධයෙන් සැකපිට 10,532 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment