SLT-MOBITEL දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනේ තවත් අදියරක් අනුරාධපුරයේදී සහ කොළඹදී

48

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම පාරිසරික සමාජ පාලන (Environmental Social Governance – ESG) වැඩසටහන් මාලාවේ තවත් පියවරක් වශයෙන්, අනුරාධපුර සහ කොළඹ යන ප්‍රදේශ වල රුක්රෝපණ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා කටයුතු කළේය.

‘රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු‘ යන තේමාව යටතේ, වාතයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම, හරිතාගාර වායු අවම කිරීම සහ නිරෝගී පසක් ඇතිකිරීම යන කරුණු මුල්කරගත් ප්‍රතිඥාවක් ඔස්සේ SLT-MOBITEL විසින් මෙම දීපව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

කොළඹදී පැවති රුක් රෝපණ වැඩසටහන පවත්වන ලද්දේ, ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ 31 වන සංවත්සරයට සමගාමීව ය. වැඩසටහනේ හවුල්කරු ලෙස කටයුතු කළේ A Sat Co Lanka Technology (පුද්.) සමාගමයි.

මීට අමතරව අනුරාධපුරයේ පූජනීය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී මී පැළ සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කිරීමටද SLT-MOBITEL කටයුතු කළේය. මේ යටතේ SLT-MOBITEL හි නිලධාරීන් විසින් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාවට මී පැළ ලබාදෙන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment