අපේක්‍ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සීමා කරලා -පොරොත්තු ලේඛන උතුරයි

40

මහරගම අපේක්‍ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සඳහා නව රෝගීන් කැඳවීම සීමා කිරීම හේතුවෙන් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින රෝගීන්ගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

මහනුවර රෝහලේ විකිරණ ප්‍රතිකාර ලබාදීම මාස හයක සිට නවතා දැමීම නිසා එම රෝගීන් ද ප්‍රතිකාර සඳහා අපේක්‍ෂා රෝහලට යොමුකර ඇත. මේ නිසා තදබදය උග්‍රව ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.

අපේක්‍ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයකින් දිනකට රෝගීන් 200 කට පමණ ප්‍රතිකාර ලබාදිය හැකි වුවත් මේ වනවිට ප්‍රතිකාර ලබා දෙන්නේ රෝගීන් 150 කටත් අඩු පිරිසක් සඳහා පමණි.

මේ වනවිට රජයේ රෝහල් කීපයකම විකිරණ යන්ත්‍ර අක්‍රීය වීම නිසා රෝගීන් දැඩි අසීරුවට පත්ව ඇති අතර එම යන්ත්‍ර කඩිනමින් අලුත්වැඩියා කිරීමට අදාළ සමාගම් මේ දක්වා පියවර ගෙන නැතැයි ද වාර්තා වේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment