යූනියන් ඇෂුවරන්ස් සමාගමේ නව නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස සෙනත් ජයතිලක මහතා පත් කෙරේ

120

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගමේ නව නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස සෙනත් ජයතිලක මහතා පත් කර තිබේ. මීට පෙර එම සමාගමේ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී ලෙස කටයුතු කළ ජයතිලක මහතා, 2023 ජනවාරි 01 දින සිට නව තනතුරේ කටයුතු කරනු ඇත.

සෙනත් ජයතිලක මහතා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට සම්බන්ධ වූයේ 2007 වසරේදී ය. 2019 වසරේදී යූනියන් ඇෂුවරන්ස් සමාගමට එක්වීමට පෙර ඒ මහතා ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේ ය. ජෝන් කීල්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ද වන ඒ මහතා ආයතනික කළමනාකරණය සම්බන්ධයෙන් දශක එකහමාරකට අධික පළපුරුද්දක් හිමි වෘත්තිකයෙකි. එක්සත් රාජධානියේ නොටිංහැම් විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය සහ ගණකාධිකරණය සම්බන්ධයෙන් ගෞරව උපාධියක් ලබා ඇති ඒ මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් (MBA) ලබා ඇති අතර, වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වයද දරයි. “සෙනත් ජයතිලක මහතා අත්දැකීම් බහුල සාර්ථක වෘත්තිකයෙක්. ඔහු සමාගමට එක්කරන වටිනාකම සුවිශාලයි. නව තනතුර වෙනුවෙන් ඔහුට මගේ උණුසුම් සුබපැතුම් මෙසේ පිරිනමනවා. මෙය සමාගම තවදුරටත් දියුණුව කරා රැගෙන යමින්, ඉදිරි වසරේදී නව ජයග්‍රහණ රාශියක් සනිටුහන් කිරීමට ඉවහල් වන පියවරක් වනු ඇති බවට සැකයක් නැහැ. යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

advertistmentadvertistment
advertistmentadvertistment