දළුගම ශුද්ධ වූ ප්‍රැන්සිස් ද සාලෙස් මුනිඳු දෙව්මැඳුරේ වාර්ෂික මැයි මංගල්‍යයදා

42

අපට අප රටට මෙවැනි වින්නැහියක් සිදුවූයේ අපට අවශ්‍ය ඩොලර් නැති නිසා නොවන බවත්, අපේ නායකයින්ට, පාලකයන්ට මෙන්ම අපේ ජනතාවට බැහැපත්කම නැති අහංකාරකම හා උද්ධච්ඡකම නිසා බවත් අපේ තිබෙන අහංකාරකම හා උද්ධච්ඡකම නිසාත් බැහැපත්කම නොමැති වීම තුළ මිනිසුන්ට ශුද්ධවූ ත්‍රිත්වය සමගින් බද්ධවීමට නොහැකිවී ඇතැයි කොළඹ අගරදගුරු පදවියේ දේව කැඳවීම් හා පූජක පුහුණු කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ ප්‍රසාද් හර්ෂණ පියනම දළුගම ශුද්ධ වූ ප්‍රැන්සිස් ද සාලෙස් මුනිඳු දෙව්මැඳුරේ වාර්ෂික මැයි මංගල්‍යය දින උළෙලේ දී විශේෂ දෙසුමක් පවත්වමින් සඳහන් කළේය.

ශුද්ධවූ ත්‍රිත්වයේ මංගල්‍යය යෙදී තිබුණු ජුනි 04 ඉරු දින මෙම මැයි මංගල්‍යය දින සමරනු ලැබූ අතර එහිදී තවදුරටත් කරුණු දැක්වූ ප්‍රසාද් හර්ෂණ පියනම සාංඝික ආදරයේ මංගල්‍යය ශුද්ධ වූ ත්‍රිත්වයේ මංගල්‍යයයි. පළමු ශුද්ධ වූ පවුල ජුසේතුමා, මරියතුමිය හා ජේසුතුමා නොවන අතර දෙවියන් වහන්සේ ඇතුළු ශුද්ධ වූ ත්‍රිත්වය මුල්ම ශුද්ධ වූ පවුල බවද සඳහන් කළේය.

මම-මට-මගේ යන මමත්වය අශුද්ධ ත්‍රිත්වය වන අතර එම අශුද්ධ ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ සාතන්ය. ශුද්ධ වූ ත්‍රිත්වය තුළ පරාර්ථය මිස ආත්මාර්ථයක් නැත. අප එළිවනතුරු කතා කළත් ශුද්ධ වූ ත්‍රිත්වයේ අභිරහස තේරුම් ගැනීමට නොහැකියි. දේවමාතාවන්ගේ ජීවිතයේ ඇතුළත තිබූ ශුද්ධ වූ ත්‍රිත්වයේ වගකීම් තුන වන මැවුම්කාර ප්‍රේමය, ගැලවුම්කාර ප්‍රේමය හා පාරිශුද්ධත්වයේ ප්‍රේමය අපට මහත් ආදේශයක් හා අභියෝගයක් ඉදිරිපත් කරනවා. අප පවුල තුළ සමාජය තුළ බැහැපත්කම ජීව ගැන්වීමට නොහැකි නම් අප කතෝලිකයන් නොවේ. අප සමරන සෑම මංගල්‍යයක් තුළින්ම අප ජීවිත වෙනස් කරන මංගල්‍යයක් විය යුතුයි. සාතන්ට ශුද්ධ වූ ත්‍රිත්වය සමඟින් බද්ධ වෙන්නට නොහැකිවී ඇත්තේ සාතන්ගේ ඇති උද්ධච්චකම හා අහංකාරකම නිසයි. ජනතාව තුළ පවතින මෙකී අවගති නිසා ශුද්ධ වූ ත්‍රිත්වය සමගින් ඒකාබද්ධ වෙන්න නොහැකිවී තිබෙනවා. දළුගම මීසම පාලක වික්ටර් ජයමාන්න පියනම හා සහායක ශානක මෙන්ඩිස් පියන ද හවුල් දිව්‍ය පූජාවට එක්වූහ.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment