දින 22 කට පසු සපුගස්කන්ද පිරිපහදුව ඊයේ යළි වැඩ අරඹයි

82

තාවකාලිකව අත්හිටුවනු ලැබූ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු දින විසි දෙකකට පසු ඊයේ (07දා* යළි ආරම්භ කෙරිණි.

එම අවස්ථාවට සහභාගි වෙමින් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසුවේ ඉකුත් 15 වැනිදා සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු නතර කරන බවට ප‍්‍රකාශ කළ අතර එහිදී ස`දහන් කළ පරිදි කඩිනමින් එය විවෘත කිරීමට පියවර ගත් බවය. මේ වන විට පිරිපහදු කිරීම ස`දහා ඩොලර් මිලියන

59 ක් වැය කරමින් බොරතෙල් බැරල් ලක්‍ෂ හතක් ආනයනය කර තිබෙන බව කී ඇමැතිවරයා වර්ෂාව අවසන් වී තිබෙන නිසා ඉදිරියේදී විදුලිබල මණ්ඩලයට දැවි තෙල් අවශ්‍ය වුවහොත් ඒ සැපයීම් සිදු කිරීමට සූදානම් බවද ස`දහන් කළේය. දැනටමත් විදුලිබල මණ්ඩලයට අවශ්‍ය වුවහොත් දැවි තෙල් ටොන් හැටපන්දහසක් සංස්ථා ගබඩාවල තිබෙන බවද ඇමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය. මෙතැන් සිට අඛණ්ඩව සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු පවත්වාගෙන යන බව කී හෙතෙම පෙර පරිදිම යම් ගැටලූකාරී තත්ත්වයක් ඇතිවුවහොත් දින අනූවකට පෙර රටේ ජනතාවට ඒ බව දැනුම් දෙන බවද පැවසීය. සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමේ අවස්ථාවට ඛනිජ තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතාද එක්විය.


 සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment