පාලනයකින් යුතුව පන්දු යැවීම ජයග්‍රහණයේ රහසයි – ධනංජය ද සිල්වා

221

එක දිගට කඩුලු වැටුණා – ජොනතන් ට්‍රොට්

පන්දු යවන්නන් ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීමට අවස්ථාවන් ලබා නොදෙමින් පාලනයකින් යුතුව පන්දු යවමින් ක්‍රීඩා කිරීම නිසා තරගය ජයග්‍රහණය කිරීමට පහසු වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා ඊයේ (05 වැනිදා ) තරගය ජයග්‍රහණයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

එම පාලනය නිසා එක් කඩුල්ලක් දැවී ගිය වහාම තවත් කඩුලු දෙක තුනක් දවා ගැනීමට තම කණ්ඩායමට අවස්ථාව හිමි වූ බවද ධනංජය සඳහන් කළේය.

“මං හිතන්නේ අපි ප්‍රතිවාදීන්ට පන්දුවාරයකදී ලබා දුන් ලකුණු සාමාන්‍ය 2- 3 ත් අතර අගයක්. ඔවුන්ට පහසුවෙන් ලකුණු ලබා ගැනීමට අපි අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒ නිසා එක් කඩුල්ලක් බිඳ වැටුණු වහාම ඔවුන් පීඩනයට පත්වෙනවා. ඒ අවස්ථාවේදී අපිට කඩුලු ලබා ගැනීම පහසුයි. මං හිතන්නේ ඇෆ්ගනිස්තායට ඉනිම් දෙකේදීම ඒ තත්ත්වයට මුහුණ දෙන්නට බැරි වුණා.”

නායකයෙකු ලෙස තම කණ්ඩායමේ තමා දකින හොඳම දඟ පන්දු යවන්නා ප්‍රභාත් ජයසූරිය බවද ධනංජය පැවසීය.

“ඔහු අපට තරග ගණනාවක් දිනවා දී තිබෙන ක්‍රීඩකයෙක්. ඔහුගේ හැකියාව විශිෂ්ටයි. නායකයෙකු ලෙස මගේ කණ්ඩායමේ අංක එකේ දඟ පන්දු යවන්නා ප්‍රභාත් තමයි.”

පළමු ඉනිමේ ලකුණු 89 කට කඩුලු 8 ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 59 කට කඩුලු 8 ක් බිඳ වැටීම නිසා තමන්ගෙන් තරගය ඉවතට ඇදී ගිය බව ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ජොනතන් ට්‍රොට් එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එසේම ඇෆ්ගනිස්තානය යනු තවමත් ටෙස්ට් තරග හතක් පමණක් ක්‍රීඩා කර ඇති කණ්ඩායමක් බවත් පරාජයට පත් වුවද කණ්ඩායමේ ධනවාදී ලක්ෂණ කීපයක් දැක ගැනීමට හැකි වූ බවද ඔහු පැවසීය.

එසේ එක දිගට කඩුළු බිඳ වැටී තරගයක් ජයග්‍රහණය කිරීමට අපහසු බවද ඔහු සඳහන් කළේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment