ත්‍රිරෝද රථය පරීක්‍ෂා කිරීමට යද්දී පොලිස් පරීක්‍ෂකව හප්පලා – ත්‍රිරෝදයෙන් ගවයකු සහ අත්බෝම්බයක් තිබී හමුවේ

1263

සොරකම් කරන ලද බවට සැකකරන ගවයෙකු පටවා ගෙන එමින් තිබූ ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට ගිය යක්කලමුල්ල පොලිසියේ උප පොලිස් පරීකෂකවරයකු ත්‍රිරෝද රථයේ හප්පා තුවාල සිදු කිරීම නිසා සිකුරාදා (16දා) රාත්‍රි උඩුගම රෝහලට ඇතුළත් කළ බවත් ත්‍රිරෝද රථ රියැදුරු අත්බෝම්බයක්ද සමග අත් අඩංගුවට ගත් බවත් යක්කලමුල්ල පොලිසිය පවසයි.

යක්කලමුල්ල පොලිසියට ලැබුණ පණිවුඩයක් අනුව යක්කලමුල්ල උඩුගම මාර්ගයේ 13 කණුව අසළදී සිකුරාදා රාත්‍රි 8.30ට පමණ පොලිස් නිලධාරීන් උඩුගම දෙස සිට පැමිණි ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ත්‍රිරෝද රථය උප පොලිස් පරීක්ෂකවරයාගේ ඇඟේ හප්පා පලා යෑමට උත්සාහ කර ඇත.

මෙහිදී උප පොලිස් පරීක්ෂකවරයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහු වහාම උඩුගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන අනෙක් නිලධාරීන්

ත්‍රිරෝද රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි එක් පුද්ගලයකු පලාගොස් ඇත. සොරකම් කරගෙන එන ලද ගවයෙකු ත්‍රිරෝද රථයේ සිට ඇති අතර එහි රියැදුරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක්ද සොයාගෙන තිබේ.

පසුව සැකකරු සහ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කණම්පිටිය පදිංචි 28 හැවිරිදි සැකකරුවෙකි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අහංගම සුගතපාල දීයගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment