වෑන්රියකින් පැමිණි පිරිසක් – පහරදී කපාකොටා අඹන්පොල ග‍්‍රාම නිලධාරි මරා දමලා

512

අඹන්පොළ ග‍්‍රාම නිලධාරිවරයා ලෙස සේවය කළ එස්. එම්. කේ. පී. සපුකුමාර (51) මහතා ඊයේ 04 වැනිදා උදෑසන කපා කොටා ඝාතනය කර ඇති බව අඹන්පොළ පොලිසිය පවසයි. පාදෙණිය අනුරාධපුර මාර්ගයේ අඹන්පොළ උඩංගාව ප‍්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව තිබේ.

ඊයේ පෙරවරු 8.50 ට පමණ දළදාගම සිට ගල්ගමුව දෙසට වෑන් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් පිරිසක් විසින් ආයුධ වලින් පහරදීම නිසා මෙම මරණය සිදුව ඇත. උදෑසන තම කාර්යාලයට යමින් සිටියදී ග‍්‍රාම නිලධාරිවරයා මෙම අනතුරට මුහුණ දී ඇත.

ග‍්‍රාම නිලධාරිවරයා ඒ මොහොතේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිට ඇත.

සිද්ධිය දුටු ප‍්‍රදේශවාසීන් ග‍්‍රාම නිලධාරිවරයා රෝහල් ගතකර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව අඹන්පොළ රෝහල් ආරංචි මාර්ග පවසයි.

පාරම්පරික වී වගා කරමින් වී පර්යේෂකයෙකු ලෙස ප‍්‍රදේශයේ නමක් දිනා සිටි ඔහුගේ මෙම ඝාතනය සම්බන්ධයෙන් අඹන්පොළ පොලිස් ස්ථානාධිපති සමන් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවති.

යාපහුව – විජේරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment