ඉන්දීය බිත්තර එන දවස

152


ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්ෂ 20ක තොගය හෙට දිවයිනට පැමිණීමට නියමිතය.මෙම බිත්තර තොගය ආනයනය කර ඇත්තේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගිනි.එම බිත්තර වෙළෙඳ පොළට නිකුත් නොකරන අතර බේකරි කර්මාන්තය සඳහා පමණක් ලබාදේ.මෙම බිත්තරයක් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන විට රුපියල් 30ක පමණ මුදලක් වැය වන බව ද බේකරි හිමියන් සඳහා රුපියල් 50ක් වැනි මිලකට ලබා දීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment