විහස්ගේ දස්කම් ඉස්මතු වූ සහෝදරයන්ගේ සටන විසඳුමෙන් තොරයි

130

මෙවර පාසල් ක්‍රිකට් මහා තරග වාරය ආරම්භ කරමින් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවති ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර 60 වැනි “සහෝදරයන්ගේ සටන” ජය පරාජයෙන් තොරව අවසන් විය.

තර්ස්ටන් විදුහල පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 186 ට පිළිතුරු ලෙස ඉසිපතන විදුහල තම ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 211 ක් රැස් කළේය.

දෙවන ඉනිම ආරම්භ කළ තර්ස්ටන් විදුහල කඩුලු 02 කට ලකුණු 140 ක් රැස් කර ගෙන සිටියදී අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නතර කරන ලදී.

තර්ස්ටන් විදුහලේ දකුණත් දඟ පන්දු යවන්නා වූ විහස් දෙව්මික ලකුණු 67 කට කඩුලු 07 ක් බිඳ හෙළීමට සමත් විය. එමෙන්ම මෙම තරගයේ වඩාත් කැපී පෙනුණ ක්‍රීඩකයා බවට පත් වූ විහස් දෙව්මික දක්ෂතම ක්‍රීඩක සම්මානය ද දිනා ගත්තේය.

ලකුණු පුවරුව
තර්ස්ටන් විද්‍යාලය

ප්‍රථම ඉනිම ලකුණු 186

(උෂාන් ඉමේෂ් 57, තනුජ රාජපක්ෂ 56, ශානික්‍ය දේශප්‍රිය 27, නවිඳු දුලාන් 22. (සහන් විරාජ් දේවප්‍රිය 05/44, නවීන් කනිෂ්ක 03/32)

ඉසිපතන විද්‍යාලය

ප්‍රථම ඉනිම ලකුණු 211

(තරුෂ්ක අෂෙල් 72, යෙෂිත් කළුපහන 51, තරූෂ නෙත්සර 12 (විහස් දෙව්මික 07/67)

තර්ස්ටන් දෙවෙනි ඉනිම කඩුලු 02 ට ලකුණු 140

(ශානික්‍ය දේශප්‍රිය 53 (නොදැවී), තනුග පලිහවඩන 35, තනුජ රාජපක්ෂ 27, තේනුක දේවප්‍රිය12 (නොදැවී)
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment