රෑ දොලහට වෙච්ච අනතුරකින් මෙහෙම බේරුනා ඇති කනංකේ බිහිසුණු අනතුර ගැන සඳුන් පෙරේරා කියන කතාව

133

“දුකක් දැනෙන්න එපා”” “ පූජා කරන්නම්”” “ ආයෙත් වරක්”” “නෑරම”” “ඔබ මගේ හදවතේ පැලඳුවා” වැනි අතිශය ජනප්‍රියත්වයට පත් නව ආරයේ ගීත ඔහුගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් තිළිණ කරන ජනප්‍රිය තරුණ” නිහතමානී” සුන්දර හදවතක් හිමි ගායකයෙක් තමයි සඳුන් පෙරේරා කියන්නේ. ගීතවලට වගේම සඳුන් කොණ්ඩ විලාසිතාවෙන්ද බොහෝ සෙයින් ජනප්‍රිය ගායකයෙක්. පසුගිය දිනක සඳුන් සංගීත ප්‍රසංගයකට යන අතරතුරදී රිය අනතුරකට මුහුණ දෙන්නට සිදු වූ බවට අපට ආරංචි වුණා. ඔහුගේ ආදරණීය රසිකයින් වෙනුවෙන් ඔහුගේ සුවදුක් විමසන්නට මෙවර “මීවිත” අප සඳුන් සමග කතාබහක යෙදුණා.

සඳුන් රිය අනතුරකට ලක්වෙලා මේ දිනවල ගෙදර ඉන්නවා කියලා අපට ආරංචි වුණා. මොකද වුණේ?

ඔව්. මම මේ දවස් ටිකේ නම් ගෙදරට වෙලා තමයි හිටියේ. දැන් දවස් කිහිපයකට කලින් දෙණියාය flashback ප්‍රසංගයට යන අතරමඟදී කනංකේ ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්වුණා. ඒ වෙලාවේ තිබුණ වැස්ස නිසා පාර ලිස්සලා නොහිතපු විදිහේ ටිකක් දරුණු අනතුරකට ලක් වෙන්න සිදු වුණා. හැබැයි පෙර වාසනාවකට පුංචි තුවාලයකින් බේරෙන්නට පුළුවන් වුණා.

රෑ දොලහට වෙච්ච අනතුරකින් මෙහෙම බේරුනා ඇති කනංකේ බිහිසුණු අනතුර ගැන සඳුන් පෙරේරා කියන කතාව

අනතුර සිදුවන අවස්ථාවේ අවට සිටි ඔබේ රසිකයින්ගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබුණේ?

ඇත්තටම අනතුර සිද්ධ වුණේ රෑ 12:30 ට විතර. ඒ වෙලාවට සමාන්‍යයෙන් ඒ පැත්තෙ මිනිස්සු යනවා අඩුයි. හැබැයි අනතුර සිද්ධ වෙලා විනාඩි 5 ක් යන්නත් කලින් ඒ අවට හිටිය කට්ටියයි” පාරේ ගියපු තව වාහන දෙක තුනක අය ඇවිල්ලා අපට උදව් කළා. මම හිතන්නේ ඒ අයත් ෂෝ එක බලන්න යන අය වෙන්න ඇති. මාව දැකලා අඳුරගෙන සමහරු පොලිසියට කතා කළා. තව සමහරු හොස්පිටල් එකට කතා කරලා මාව ත්‍රීවිල් එකක ළඟම තිබුණු ඉමදූව හොස්පිටල් එකට අරගෙන ගියා.

රෑ දොලහට වෙච්ච අනතුරකින් මෙහෙම බේරුනා ඇති කනංකේ බිහිසුණු අනතුර ගැන සඳුන් පෙරේරා කියන කතාව

දැන් ප්‍රසංගවලට සහභාගි වෙනවාද?

මම සැප්තැම්බර් 15 ඉඳලා ආයේ ප්‍රසංගවලට සහභාගි වෙනවා. සාමාන්‍යයෙන් රෑට ප්‍රසංග දෙකක් වගේ තමයි උපරිම තියාගන්නේ.

අසනීප තත්ත්වයත් තියාගෙනම ඔබ රසිකයින් අතරට යන්න අමතක කරල නැහැ ?

මම මීට කලින් කකුල කැඩිලා ප්ලාස්ටර් එක දාල ඉන්න වෙලාවෙත් ප්‍රසංගයකට ආරාධනා ලැබුණා. පුටුවක් තියලා මේසයක් තියලා මම වෙනුවෙන්ම සියලු පහසුකම් සපයලා ලොකු කැපකිරීමක් කරලා තිබුණා. එදායින් පස්සේ ප්‍රසංග පනහක් විතර කරන්න වුණා. ඒ විදියටම. ඉතින් අත චුට්ටක් තුවාල වුණා කියලා මට රසිකයින් ළඟට නොගිහින් ඉන්න තරම් අපහසුවක් නැහැ. මම දවස් හතරක්” පහක් විවේක ගත්තා. පස්සේ මම හිතුවා පුළුවන් උපරිමයෙන් මගේ ආදරණීය රසික රසිකාවියන්ගේ අතරට ගිහිල්ලා එයාලගේ ආදරය ලබන්න ඕන කියලා.

රෑ දොලහට වෙච්ච අනතුරකින් මෙහෙම බේරුනා ඇති කනංකේ බිහිසුණු අනතුර ගැන සඳුන් පෙරේරා කියන කතාව

● අලුත් ගීත නිර්මාණ එහෙමත් කළාද?

ඇත්තෙන්ම ඔව්. මගේ අලුත් ගීත තුනක විතර වැඩ කරගෙන යනවා. ඒ අතරතුර තමයි මේ දේවලුත් සිද්ධ වුණේ. හැබැයි එක ගීතයක් ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා. ලබන මාසය ඇතුළත. ඒකෙ පොඩි ඉඟියක් දෙන්න පුළුවන්” ඕනෙ නම් රසිකයින් වෙනුවෙන්. ඒ ගීතය අරාබි සම්භවයක් තියෙන ගීතයක්. ඉතින් මගේ ආදරණීය රසිකයින්ට ඉක්මනින් එය රස විඳින්නට පුළුවන්. හොඳම දේ දෙන්න චුට්ටක් පරක්කු වෙනවා කියලා කියනවානේ” ඒ නිසා චුට්ටක් ඉවසලා ඉන්න ලබන මාසේ වෙනකම්.

● සඳුන් එළිදක්වන සෑම ගීතයක්ම ඉක්මනින් හිට් වෙනවා. ඒ රහස මොකක්ද ?

එකේ රහස මිනිස්සු ඉල්ලන දේ සහ මිනිස්සු කැමති දේ හඳුනා ගෙන නිර්මාණය කිරීම කියන දේ වෙන්න ඕනේ. මොකද මට මතකයි Trending කියන දේ ලංකාවට ආවේ මගේ “දුකක් දැනෙන්න එපා” ගීතය රිලීස් කරද්දී. ඒ ගීතය Trending 01 වුණා. එදා ඉඳලා අද වෙනකම් මගේ ගීත එකක්වත් trending 02 වෙලා නැහැ. හැමදාම රැඳෙන්නේ Trending 01 කියන තැන සහ හැමදාම පළමු වැනි දවස ඇතුළත ලබාගන්න නැරඹුම් වාර ගණනත් දිනෙන් දින වැඩි වුණා.

● අද මේ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

මම පොඩි කාලේ ඉඳලා දැකපු හැම හීනයක්ම සැබෑ වුණේ මගේ රසිකයින් නිසා. මාව වටකරගෙන හැමෝගෙම ආදරේ ලබන්න ඕන කියල මම හිතුවා. මිනිස්සු අතරම ඉන්න ගමන් තමයි මම ඒ දේවල් හීන විදිහට දැක්කේ. හැබැයි ඒ හැම තැනකදීම මම පසු කරපු මට උදව් කරපු මිනිස්සු මම රැකගත්තා. එයාලගේ උදව් මට ලැබෙනවා වගේම මම මගේ ගමන ගියා. මොන බාධක ආවත් මම නතර වුණේ නැහැ” මම මගේ ගමන ගියා. මට කියන්න ඕනේ ඇත්තටම කිසිම දෙයක් නැතුව පටන්ගන්න කෙනකුට වුණත හිතාගන්න බැරි ගමනක් ගිහිල්ලා නතර වෙන්න පුළුවන්” කියලා අද මම මේ ඉන්න තැනත් එක්ක. ඉතිං ආපස්සට හැරිලා බලද්දී මම මේ ආපු ගමන ගැන පුදුමාකාර නිහතමානී සතුටක් තමයි දැනෙන්නේ.

● රසිකයන්ගෙන් ලැබෙන ආදරේ ගැන කතා කළොත්?

ඇත්තටම මම අනතුරට ලක් වුණාට පසුව ඒ ආදරේ මට ගොඩක්ම දැනුණා. මේ අනතුර සිදු වුණාට පස්සේ මට හිතාගන්නත් බැරි තරම් පෝස්ට් ප්‍රමාණයක් පළවුණා. හිතාගන්න බැරිතරම් calls ප්‍රමාණයක් ආවා” මේ රටින් වගේම පිට රටින් පවා. මට ඒ ආදරේ දැනෙනවා” මම ප්‍රසංගයක් අවසන් වෙලා වේදිකාවෙන් බහිනකොට ගොඩක් රසිකයින් වටවෙලා ඉන්නවා. ඒ හැම කෙනෙක්ටම ෆොටෝ එකක් ගහලා දීලා මිසක් මම එතනින් යන්නේ නැහැ. ඒක මගේ හැටියක්. හැම තිස්සෙම මම උත්සාහ කරන්නේ මට ආදරේ කරන මිනිස්සු දුකට පත් කරන්නේ නැතුව මට ආදරේ කරන මගේ රසිකයන්ට හැම මොහොතෙම සතුටින් තියන්න. මගේ රසිකයන්ගෙන් මට ලැබෙන ආදරේ මට ආභරණයක්.

● මේ වෙලාවේ බිරිඳගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළ යුතුමයි නේද?

ඔව්. එයාගෙන් ලැබෙන සහයෝගය අතිමහත්. ඒක හිතාගන්න බැරි තරම්. සැප සහ දුක කියන ඕන වෙලාවක හිත හයිය කරගෙන මගේ ළඟටම වෙලා එයා ඉන්නවා. මේ වෙද්දි අපිට චූටි පුතෙකුත් ඉන්නවා. ඉතින් මගේ බිරිඳ මට වාසනාව අරන් ආවා කියලා හිතන්න පුළුවන්” මොකද ඒ වෙද්දි තමයි මගේ ජීවිතේ ලැබුණු පළමු සම්මානය මට ලැබුණේ. ඉතින් ඇය ඉස්සරත් මගේ හීන එක්ක මාත් එක්කම ජීවත් වුණා. හැම තැනකදීම මගේ උත්සහවන්තකම වැඩි කරලා” මට හයියක්වෙලා” ඕන වෙලාවක මාව ශක්තිමත් කරනවා. ඇය තමයි මගේ ජීවිතේ හෙවණැල්ල. එයා තමයි මගේ හැමදේම.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment