සුජය, කැන්ඩොස්, BOC රන් කැකුළු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද කිතුල්වල මුනිදාස කුමාරතුංග කනිෂ්ඨ විද්‍යාලයේ දී

43

සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 2023 වර්ෂයේ තිස්වැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද (15 දා) බප/මිනු/කිතුල්වල මුනිදාස කුමාරතුංග කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වෙයි. අනාගතයට අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමට පුරෝගාමීව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරයට, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ආරාධිත පාසල් කිහිපයක සිසු සිසුවියෝ සහභාගි වෙති. මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඒ. වජිර රණරාජා පෙරේරා මහතාගේ සහ දිවුලපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා රූපිකා සෙනරත් මහත්මියගේ අනුමැතියෙන් සහ කිතුල්වල මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ විදුහල්පති ඒ. එල්. යූ. සනත් කුමාර මහතාගේ සහ රිෂිත දිනුෂංක මෙන්ඩිස් මහතාගේ මූලිකත්වයෙන් මෙම සුජය, කැන්ඩොස්, BOC රන් කැකුළු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්වේ.

BOC රන් කැකුළු පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් සීමාසහිත සිලෝන් චොක්ලට් (කැන්ඩොස්) සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වෙන මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශන මෙහෙයවීම කොළඹ ආනන්ද, විශාකා, ඉසිපතන යන විද්‍යාලවල හිටපු ආචාරිනි ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශිකා ගංගා සුභාෂිණි බ්‍රාහ්මණ ගුරුතුමිය විසින් සිදුකිරීමට නියමිතය. ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වෙන දෙමාපිය දැනුවත් කිරීමේ දේශනය ගුරු උපදේශිකා ප්‍රවීණ නාට්‍යවේදිනි ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment