සෙල්ලම් කරද්දී වතුර වළකට වැටුණු වව්නියාවේ සිසුහු දෙදෙනා මරුට

230

වවුනියාව මුස්ලිම් මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනකු වතුර පිරුණු වළකට වැටීමෙන් පෙරේදා (17 දා) සවස මියගොස් තිබේ.

මෙම සිසුන් එල්ලේ තරගයක් සඳහා වව්නියාව විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණය වෙත ගොස් ඇති අතර එම තරගයෙන් අනතුරුව ඔවුන් ක්‍රීඩා කිරීමට වැටක් පැන යාබද වත්තකට යන අවස්ථාවේදී මේ අනතුරට පත්ව ඇත.

මියගිය පාසල් සිසුන් දෙදෙනාගේ සිරුරු ගොඩගෙන ඇති අතර මෘතශරීර වව්නියාව රෝහලේ තැන්පත් කර තිබේ. මියගිය සිසුන් දෙදෙනා වයස අවුරුදු 14 හා 15 යන වයස් කාණ්ඩවලට අයත් ශිෂ්‍යයන් දෙදෙනෙකි. ප්‍රදේශයේ ජනතාව පැමිණ වතුර පිරුණු වළේ මඩේ එරී සිටි සිසුන් දෙදෙනා ගොඩගෙන වවුනියාව රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් එම සිසුන් දෙදෙනා මියගොස් සිටි බව වාර්තා වේ. මියගිය සිසුන් දෙදෙනාගේ මෘතශරීර දෙක වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment