රාජ්‍ය ඇමැති රෝහණගෙන් මැති ඇමැතිවරුන්ට ආදර්ශයක්

466

විදුලි බිල්පත් ගැන කතාවෙන කාලවකවානුවේදී ඇතැම් මැති ඇමැතිවරුන් පවා විදුලි බිල් හිඟ ඇති බවට මාධ්‍යය වාර්තා පළවන අවස්ථාවක ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා විසින් සිය පෞද්ගලික මුදලින් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිවී සිටි කාන්තාවකගේ විදුලි බිල ගෙවීම ඉකුත්දා කර තිබේ.

මෙසේ විදුලි බිල්පත ගෙවා දැමුවේ මාතලේ හුළංගමුව, කඩවත්ගම අංක 130/සී ලිපිනයේ පදිංචි සිරියලතා මහත්මියගේ වන අතර ඇය විසින් හිඟ විදුලි බිල්පත වූ රු. හතළිස්පන්දහස් තුන්සිය දහයක මුදලක් ඇති බවට දැන්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් ගෙවා දැමීම සිදු කෙරුණි. අමාත්‍යවරයාගේ

මාධ්‍ය ලේකම් ගැමුණු ධර්ම ශ්‍රී හේරත් මහතා විසින් එම රිසිට්පත ඇය වෙත ලබාදුන් අවස්ථාව මෙහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment