විස පොල්තෙල් තොග පිටින් ලංකාවට

385

විදේශීය රටවල භාවිත කර ඉවත් කරන ලද මිනිස් පරිභොජනයට නුසුදුසු පොල්තෙල් විශාල වශයෙන් මෙරටට ආනයනය කර ගබඩා කර ඇති බව පාරම්පරික පොල්තෙල් කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

අපද්‍රව්‍ය විශාල වශයෙන් අන්තර්ගත මෙම පොල් තෙල් තොග පිළිබඳව අවස්ථා රාශියකදී අදාළ වගකිවයුත්තන් දැනුවත් කළද ජාවාරම්කරුවන්ගේ කොමිස් කුට්ටිවලට යටවී කිසිවකුත් කිසිදු පියවරක් නොගන්නා බව එම සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරයි.

ඉන්දියාව ඇතුළු වෙනත් අසල්වැසි රටවලින් ඉතාම අඩු මිලට භාවිතා කරන ලද මෙම පොල් තෙල් තොග ගෙන්වා නැවත පිරිපහදු කර වර්ණ ගන්වා වෙළඳපොළට නිකුත් කරන බවද එම සංගමය සඳහන් කරයි

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment