ලෝක පරිසර දිනය 2022 සැමරීම ගාල්ලේ දී

226

පරිසර අමාත්‍යාංශයේ සහභාගිත්වයෙන් ජපානයේ IGES CCT තාක්ෂණික අනුග්‍රහය මත ලෝක පරිසර දිනය සැමරීමේ උත්සවය ගාල්ලේ hall de galle උත්සව ශාලාවේදී පැවැත්විය. මේ සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් ඇතුළත් වී තිබුණි. ගාල්ල දෙවට, කොටුව, මහමෝදර දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමත්, මුහුදු ජලයේ පවතින micro plastic පිළිබඳ අධ්‍යයනය කිරීමත් මේ වැඩසටහන්ට අයත්ව තිබුණි. මීට අමතරව පරිසරවේදී චතුර වැලිවිටිය මහතාට ලැබුණු ජාත්‍යන්තර බලශක්ති සම්මානය 2021 ඇගයීම ද සිදුවිය.

ලෝක පරිසර දිනය 2022 සැමරීම ගාල්ලේ දී

පාසල් ළමුන් ත්‍රිවිධ හමුදාව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මධ්‍යම පරිසර අධිකාරිය සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය ඇතුළු දකුණු පළාත් පරිසර අමාත්‍යාංශය ගාල්ල දිස්ත්‍රික් පරිසර සංවිධාන හා ව්‍යපාරික ප්‍රජාව මේ සඳහා සහභාගි විය. රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රධාන දේශනය පවත්වන ලදී. එමෙන්ම ජපානයේ කනගාවා IGES CCT අංශ ප්‍රධානී ආචාර්ය ප්‍රේමකුමාර මහතා ආචාර්ය අමිල අබේනායක මහතා ඇතුළු තායිලන්තයේ AIT විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුද Zoom තාක්ෂණය ඔස්සේ දේශන පැවැත් වූහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සමඟ පාසල් ළමුන් මුහුදු ජලයේ ඇති micro plastic පිළිබඳ විශේෂ අධ්‍යයනයක ද මෙදින සිදු කරන ලදී. මෙදින එකතු කර ගන්නා ලද ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා ලබාදීම සිදුකරන ලදී. එමෙන්ම ගාල්ල නගරය ප්ලාස්ටික්වලින් තොර හරිත නගරයක් බවට පත්කිරීමද මෙදින සිදු විය. මෙම වැඩසටහන මෙහෙයවීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිසර අමාත්‍යාංශය සමග HELP-O සංවිධානය මගින් සිදු කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment