Line One – අලුත් වුණ Line එක මොන කෝකියා ආව ගියත් රෙසිපිය එකයි

257

බෑන්ඩ් එකක් විදිහට බ්‍රෑන්ඩ් වෙලා ඉන්නේ

සංවේදනා” ආදරේ වේදනා වගේම ත්‍රෛලෝක ගීත හරහා මෑත කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත් ෂේන් සිං ආරම්භ කරපු Line One සංගීත කණ්ඩායම පොඩි නිහැඬියාවක් අරගත්තා. ඒ නිහැඬියාව ඇතිවුණ කාල වකවානුවේ ඇතිවුණ වෙනස්කම් කිහිපයක් සමඟම ඔන්න Line One ආපහු සුපුරුදු විදිහට කරළියට ඇවිත් තිබෙනවා. Line One කියන්නේ කොහොමත් වෙනස්ම හඬක් රසිකයන්ට තිළිණ කරන්න හදන සංගීත කණ්ඩායමක්. මෙදා පාර ෂේන් සිං Line One එක්ක මොකක්ද මේ කරන්න හදන්නේ.

ෂේන් ලයින් වන්ලාට මොකද වුණේ?

ඇත්තටම අපේ සාමාජිකයන් කිහිපදෙනෙක් මාරු වුණ නිසා බෑන්ඩ් එක හරි ස්ටෑන්ඩර්ඩ් එකකට එනකම් පොඩි බ්‍රේක් එකක් ගත්තා. බෑන්ඩ් එකේ ප්ලේයර්ස්ලා මාරු වෙච්ච එක මම ඇඩ්වාන්ටේජ් එකක් කරගත්තා” මගේ අලුත් බැන්ඩ් එක ඊටත් වැඩිය හොඳට සවුන්ඩ් වෙන්න. කලින්ටත් වැඩිය වැඩිපුර වැඩක් කරන්න මම ඒ කාලය ප්‍රයෝජනයට ගත්තා.

Line One - අලුත් වුණ Line එක මොන කෝකියා ආව ගියත් රෙසිපිය එකයි

කණ්ඩායමේ තුන්දෙනෙක් විතර හැරගියා කියන්නේ ඇත්තද?

ඔව්. මගේ කණ්ඩායමේ අන්තිමට හිටපු පර්කෂනුයි” බේස් ගිටාරිසුයි ඉවත් වුණා. ඔවුන් පෞද්ගලික හේතු මත තමයි ඉවත් වෙලා ගියේ. සංගීත කණ්ඩායමේ පරණ කට්ටිය අපි අවුරුදු හතක් එකට හිටියා. නමුත් ජීවිතය කියන්නේ එහෙම තමයි. හැම දේම නිත්‍ය නැහැ. බුදු දහමේ පවා කියල තියෙනවනේ සියලු දේ අනිත්‍යයි කියලා. කිසිම දෙයක් සදාකල් පවතින්නේ නැති හින්දා කොයික ගත්තත් ඔහොම තමයි.

Line One - අලුත් වුණ Line එක මොන කෝකියා ආව ගියත් රෙසිපිය එකයි

කොහොමද අලුත් සාමාජිකයන්

සාමාන්‍යයෙන් මම හැම දෙයක්ම කරන්නේ දවසින් දවස හොඳවෙන්න. බෑන්ඩ් එක මුල ඉඳල සකස් කරගත්තු තුන්වැනි අවස්ථාව තමයි මේ. 2015 තමයි බෑන්ඩ් එක පටන් ගත්තේ. 2023 දක්වා ඇවිත් තිබෙනවා. මම හිතන්නෙ දැන් තමයි Line One බෑන්ඩ් එකේ හොඳම කාලය කියලා

මෙවර ඇතිවන වෙනස්කම් මොනවාද?

මගේ අවුරුදු 21 ක අත්දැකීම් එක්ක මගේ අත්දැකිම් තියෙන වයසක සාමාජිකයන් ටිකක් හමුවීමම ලොකු දෙයක්. මොකද දැන් ඉන්න පොඩි කට්ටිය ගොඩක් අප්ඩේටඩ්. ඇත්තටම බෑන්ඩ් එකේ සාමාජිකයෝ වයසට යන්න වයසට යන්න ඒගොල්ලන්ගේ පුද්ගලික වැඩ වැඩිවෙනවා. ඒත් එක්කම බෑන්ඩ් එකට තිබෙන කැපවීමට ඇති කාලය අඩුවෙනවා. බෑන්ඩ් එකක් අප්ඩේට් වෙන්න නම් අනිවාර්යයෙන් යන්ග් බ්ලඩ් එකත් එක්ක වැඩ කරන්න පුරුදු වෙන්න ඕනෑ. ගොඩක් ඕක වෙන්නේ පරිණත කට්ටියගේ තිබෙන මමත්වය හින්දා. පොඩි කට්ටිය එක්ක වැඩ කරන්න අකමැති හින්ද තමයි ගොඩක් බෑන්ඩ් පරණ වෙලාම ගිහිල්ලා දියාරු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලොත් මම කරන කන්සෙප්ට් එක අනුගමනය කළා නම් කවදාවත් බෑන්ඩ් එක නැති වෙන්නේ නැහැ.

පසුගිය කාලයේ කොන්සර්ට් භාරගත්තේ නැහැනේ?

මාස හයක පමණ නිහැඬියාවක් තිබුණා. නමුත් අපි ජූලි මාසයේ ආරම්භයේදීම ඩුබායි සංචාරයෙන් අපේ ගමන ආරම්භ කළා.

කොහොමද ප්‍රසංගවලට ලැබෙන ආරාධනා?

ක්‍රයිසිස් එකෙන් පස්සේ ලංකාව හරිම තැනට පතිත වෙච්ච නැති නිසා සාපේක්‍ෂව අනෙක් කණ්ඩායම් එක්ක බලද්දී අපි හොඳ ගමනක් යනවා. අපිට සෑහෙන්න සංචාර ටිකකුයි ප්‍රසංග කිහිපයකටයි ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ අනුව යුරෝපය” කැනඩාව” ඇමරිකාව වැනි රටවලට සංචාර කිහිපයක් ඉදිරියට තිබෙනවා. මම හිතන්නෙ බෑන්ඩ් එකක් විදිහට බ්‍රෑන්ඩ් වෙලා තිබෙන හින්දා ලොකු ප්‍රශ්නයක් වන එකක් නැහැ.

ලයින් වන්ලාගේ සාමාජිකයෝ ටිකත් මතක් කළොත්?

මම ඉන්නවා. අපේ සුපුරුදු ජනා ඉන්නවා. ඩ්‍රම්ස් වාදනය කරනවා. කේවී කීබෝඩ් ගහනවා. සුපුන් අමිඳු බේස් ගිටාරිස්ට්. පර්කෂනිස් තමයි නිපුන්. ගිටාරිස්ට් ඉන්නවා දුලාන්. ගායනයෙන් ඉන්නවා චන්නුක.

ළඟදී අලුත් ගීතයක් කළේ නැතිද?

මම හිතන්නෙ අපි අලුත් ගීත හතරක් විතර පටිගත කරන්න බලාගෙන ඉන්නවා. නමුත් ඒකට අපිට පොඩි කාලයක් ගතවෙනවා. මොකද අපි භාරගත්තු කොන්සර්ට් සහ ප්‍රසංග හින්දා රෙකෝඩින් කරන්න කාලය අඩුවෙලා තිබෙනවා. අපේ යූටියුබ් චැනල් එකට ගියොත් අපේ වැඩ බලන්න පුළුවන් වේවි. මම හිතන්නෙ පසුගිය මාසෙටත් අපි වීඩියෝ තුනක් විතර රිලීස් කරලා තියෙනවා. මොකද ලයින් වන් කියන්නේ ලෝකයේ තියෙන තරු පහේ හෝටලයක් වගෙයි. ලෝකයේ තරු පහේ හෝටල්වල කෑමවල රස කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එකම රස තියෙන්නේ. මොන කෝකියා නැති වුණත්” මොන කෝකියා ආව ගියත් එක රෙසිපියකට තමයි වැඩ කරන්න ඕනෑ. ලයින් වන් ගායනා කරන හැම ගීතයක්ම හදල තියෙන්නේ මගේ අදහස්වලට. ඒක හින්දා ලයින් වන් රසය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

පසුගිය කාලයේ ත්‍රෛයිලෝක ගීතය හරි ජනප්‍රිය වුණා

මම හිතන්නේ මොකක් හරි සම්මාන උළෙලකදී එම ගීතයට වසරේ හොඳම ගීතයට සම්මානයකුත් හම්බ වුණා. මම දන්නෙත් නැහැ එහෙම සම්මානයක් ලැබුණද කියලාවත්. ගීපද රචකයා ගිහිල්ලා තමයි සම්මානය අරගෙන තිබුණේ. ගොඩක් සතුටුයි. ලංකාවේ බෑන්ඩ් එකක් ලයිව් ප්ලේ කරලා තියෙනවා නම් ඒ ලයිව් කොන්සර්ට් එකේ සින්දුවක් යූටියුබ් එකට දාල තියෙනවා නම් වැඩිම රීච් එකක් ගිහිල්ලා තියෙන්නේ ලයින් වන් එකේ තමයි.

අපි හදපු මිල්ටන් මල්ලවආරච්චිගේ නන්ස්ටොප් එක මිලියන නවය පැනල තියෙනවා. ආත්මා නන්ස්ටොප් එක මිලියන අට පැනල තියෙනවා. ත්‍රෛලෝක විජයපත්‍ර මිලියන හය පැනල තියෙනවා. ඉතිං බෑන්ඩ් එකක සින්දුවලින් වැඩිම වීව්ස් තියෙන කවර් සින්දුව තියෙන්නේ ලයින් වන් සතුවයි. මම හිතන්නෙ ඒකත් ආඩම්බරයට කාරණාවක්.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment